සිව්වෙනි කස්තිරම

230 22 4
                                    

දින ගෙවී ගියෙ වේගයෙනි.. මුළු කාලය පුරාවටම එකාකාරීව කල් ගෙවූ අප්පු අවසානයේ ඉන් මිදීමට හැකි වීම ගැන තුටු විය. එය එතරම් දෙයක් නොවුනද කරෝලිස් උන්නැහේගේ ගෙයි පැවැත්වුණා දානමය පින්කමටහාමුදුරුවෝ වැඩම්මන්න හේවිසි කණ්ඩායමට යාම අප්පුට සතුටක් විය..

සුවද දුම, සාදු නාද මැද්දේ හේවිසි හඩ දසත පැතිරුනි. සුදු වතින් සිටි පිරිස සංඝයාගේ ආසන ගත වීමෙන් පසු පදුරු වල ඈදී ගත්හ..

"සාදු නාදයක් පවත්වන්න.." ලොකු හාමුදුරුවන්ගේ කීම මත සාදු නාද පැවැත්වීනි.. පංච ශිලය පිහිටුවීමෙන් අනතුරුව ගතා සජ්ජායනය ඇරබුණි.. අප්පුගේ නැගණිය හා මවද පසෙක පන්සිල් ගනිද්දී අප්පු හේවිසි කණ්ඩායම දෙසට ගියහ..අප්පොච්චාගේ කීමට කරෝලිස් ගෙයි මිදුලේ වූ බංකුවක ඈදී ගත් අප්පුද දොහොත් මුදුන් දි ගතා සජ්ජායනාවට හවුල් විය..

කිහිප විටකින් අප්පු වටෙන් එපිට බැලුවේ නිකමටය. නමුත් ඔහුගේ දෑස ඉන් නතර වුණි.. වැඩි වයසක් නැති කාන්තාවක් වටෙන් එපිට වූ අඹ ගහ පාමුල ඉදන් ගාථා කියන්න වුණි. ඒ දැක අප්පුට මොහොතකට සජ්ජායනය අමතක වුණි.

"අප්පොච්චා.." අප්පු මිමිනුවේ ය.

"ම්ම්?"

"ඇයි මැණිකේ නැන්ද අතන ඉන්නේ? උන්දැට එන්න කියාලා නැද්ද?" අප්පු ඇහුවේ කුහුලෙනි.. ඔහුගේ දෑස තවමත් කාන්තාව මත විය.

නැටුම් ගුරුන්නාන්සේ ද ඒදෙස බැලිය. " හ්ම් "

"ඒ මොකෑ? ගමේ හැම එකාම ඇවිල්ල ඉද්දිත්?-"

"අප්පු... ආරච්චි මහත්තයා උන්ට කැමති නැ.. උන් මස් වැද්දෝනේ?" නැටුම් ගුරුන්නාන්සේ හොරෙන් මිමිනුවේ ය.

අප්පු නොසන්සුන් විය. ඔහුට කෝපයක් දැනුනි.. " එක යකාගේ කතාවක් නේ? මැණිකේ නැන්ද මස් මරන්නේ නැනේ?!! මස් මැරුවත් පිංකමකට එන්න කියන්න බැරි කමක් නැතුවනේ? "

"උබට තියෙන හොද හිත හැම එකාටම නැ.. "

අප්පොච්චා නැවතත් ගාථාවට සිත යොමු කලේ ය. නමුත් අප්පුගේ සිතට හ‍රි මදිය. මද වෙලාවක් ගත කල ඔහු නැගිට කාන්තාව ලගට ගියෙ ය.

කස්තිරම් Where stories live. Discover now