පහළොස්වනි කස්තිරම

81 8 4
                                    

අප්පු විගහට ගෙට ගොඩ වුණි.. ඔසවාගෙන පැමිණි ගැට බෙරය මේසයක් උඩින් තබා හේ සුසුමක් හෙළිය.

"අප්පු?" අප්පුගේ මව් කතා කලා ය. " මොකෑ? බෙරේ උස්සන් ඇවිල්ලා හතිද?"

"නැහැ අම්මා.. නිකන්.. කෝ අප්පොච්චා?"

"ලිද දිහාට ගියා නාකියා ගන්ට. පන්සල් යන්නත් තියෙනවනෙ.." මව් පිළිතුරු දුන් විට අප්පු හිස වනුවෙ ය. හේ තම කාමරයට විය.

සේතන් උන්නැහේගේ වචන අප්පුව රිදවා තිබුණි. ඔහු බාබු ට උදව් කලේ බාබු කෙරේ කරුණාවෙන් උනත් ඔහු ඉන් කිසිදු ප්‍රති ලාභයක් නොපැතුවේ ය.. හේ බාබුව සැලකුවේ තමාගේ මිතුරකු මෙනි..අප්පුට හැගුනේ තම අප්පොච්ච සේතන් උන්නැහේ එක්ක ආරෝවක් තියා ගන්න එක වැරද්දක් නොවන වගයි.. මන්ද සේතන් උන්නැහේ එතරම්ම නපුරුය.

නමුදු අප්පුට එකවරම නොරිස්සුම් සුසුමක් හෙලුනේ බාබුගේ කතාව මතක් වීමෙනි. කුමක් අර්ථ ගන්වමින් හේ එය කීවාදය් අප්පුට සිතා ගත නොහැකි විය.. විටෙක එය ඉරිසියාවක්දැය් අප්පුට හැගුණි..

විකාර මනෝ ලෝකයක ඉද්දි අප්පුගේ දැහැන බින්දේ අරලියා යි..ඕ අප්පුගේ හිස්ට ටොක්කක් අන්නා ය.
"මොන ඉලව්වක්ද?!!" අප්පු කෑමෝර දුන්නේ ය.

"හහ්!! කෑගහන්ට දෙයක් නැනේ? හිච්චි ටොක්කක් ඇන්නම ඔච්චර රිදෙනවද? සමයන්!"

"උබ මොකටද මයේ කාමරේට ආවේ?"

"අප්පොච්ච හනික ඔහෙට ලෑස්ති වෙන්නලු පන්සල් යන්න.. මෙතන කාගැනාදෝ හිත හිතා ඉන්නේ නැතුව!!" අරලියා නෝක්කාඩු කලා ය. අප්පු ඇයට රවමින් ඇදෙන් නැගිට්ටේ ය.

"ඉලව්ව! මන් කාගැන හිතන්ටද?"

"කව්දෑ දන්නේ ඉතින්? අයියණ්ඩි තමා දන්නේ "

"පලයන් මෙතනින් මගුල් කියවන්නේ නැතුව!!" අප්පු තම නැගණියට බැන වැදුනේ ය.. නැවතත් සමච්චලේට සිනා වූ අරලියා ඉග පද්දමින් කාමරයෙන් එලියට වුවේ අප්පු අලුත් ඇදුමක් සොයන්න ගනිද්දීයි.
.
.
.
.
.

ගෝන කරත්තයක පටව ගත් ගැටබෙර, දවුල්, නලා වර්ග සියල්ලම ගෙන අප්පු හා නැටුම් ගුරුන්නාන්සේ පන්සලට විය.. ආශීර්වාද, වතාවත් වලින් අනතුරුව නැටුම් ගුරුන්නාන්සේ ලොකු හාමුදුරුවෝ සමගින් බහකට වැටෙද්දී අප්පු පොඩි සාදු සමගින් බෝමළුවට විය..

කස්තිරම් Opowieści tętniące życiem. Odkryj je teraz