විසිතෙවැනි කස්තිරම

71 8 8
                                    

අප්පුගේ හදවත සීතල වී ගි්යේ ය. හේ විගහට බාබු දෙස බලා ඔහුව ජනේලේ දෙසට තල්ලු කලේ ය.
"බාබු පලයන්! අප්පොච්චා දැක්කොත් මරයි අපි දෙන්නවම!"

නමුදු බාබු අවම සෙලවුනේ ද නැත. සිටි ඉරියවවෙන්ම අප්පු දිහා බලාගෙන උන්නේ ය.. එකවරම හේ අප්පුව වැලද ගත්තේ ය.
බාබුගේ ගත සිසිල් උනද අප්පුට තමාගේ ඇතුලාන්තය උණුසුම් වෙන බව දැනුනි. නමුත් එය පෙම් සුව විදීමට කාල වෙලාවක් නොවිය.. අප්පු හනිකට බාබුව තල්ලු කලේ ය.

"පලයන් එලියට!!! මාවත් මරා ගන්නද ඕන?"

"අප්පු..."

බාබු දෑස හිනි කලේ ය. හේ ජනේලයෙන් එලියට ගියෙ තවත් මොහොතක් හො පමා නොකරමිනි.. අප්පු විගහට රෙදි කඩක් ගෙන බාබු සිටි තැනට එලුවේ ය.

"අප්පොච්චා... එන්න ඇතුලට.."

"මොකද අප්පුවෝ.. නින්ද ගියාද?"

"ඩිංගක්..." අප්පු තම හිස කැසුවේ ය. නමුත් හේ දුටුවේ අප්පොච්චා කාමරයක් තුල ඉව කරන බවකි.. මද වෙලාවක් එය කල්පනා කිරීමෙන් අප්පු සිතල වි ගියෙ ය.

"පිලි ගදයි මේ කාමරේ ඇතුලේ.." නැටුම් ගුරුන්නාන්සේ අප්පු සිතපු දේ ම කිවේ ය. සතුන් මරන බාබු ලග කොමත් පිලි ගදය.. හේ වැස්සේ තෙමි අවේන් එය තවත් වැඩි වි තිබුණි.. අප්පු කිසිත් නොකීවේ ය. "අම්මට කියන්න ඕන දුම් අල්ලන්න කියලා.. කහ ඩිංගකුත් ඉස්ස නම් හ‍රි.."

"අ... ම්ම්...-"

"ජනේලේ වහ ගනින් අප්පුවෝ.. පෙරහැර ලග හන්ද අමනුස්ස බැල්ම වැටෙනවා වැඩි.. උන් පින් වැඩ වලට මනාප නැතුව නෙ.." කී නැටුම් ගුරුන්නාන්සේ ජනේලේ වසා දැම්මේ ය. " හදුන් කුරක් වත් පත්තු කලා නම් හොදා.. හොදටම පිලි ගදයි.. "

"හොදා අප්පොච්චා.."

"අප්පුවෝ.. හෙට උදාහනම ලෑස්ති වෙයන්.. පන්සලේ තේවාව ගහන්ට යන්න.."

"හොදා අප්පොච්චා.."

"තව සුනංගු නොවී නිදා ගනින්. ඒක කියන්ට මන් ආවේ.." නැටුම් ගුරුන්නාන්සේ කිවේ ය. අප්පු හිස වනමින් එකග විය.. කාමරය සිසාරා තවත් බැල්මක් හල නැටුම් ගුරුන්නාන්සේ පිටව ගියෙ ය.

අප්පු සැනසුම් සුසුමක් හෙලුවේ ය.. හිස කැසු ඔහු දොර වසා දමා ජනේලේ අසලට නැවත වුවේ බාබු තවම එළියේ සිටින බව සිතුවෙනි. හේ විගහට ජනේලය විවර කලේ ය.

කස්තිරම් Où les histoires vivent. Découvrez maintenant