අටවනි කස්තිරම

218 20 4
                                    

වැවේ ජලය ගොජ ගොජ සද්දෙන් කැලතුනේ දියරැලි නන්වමිනි.. උදැසනම පැණි හොරකමේ යන මී මැස්සන්, බඹරුන් තේරීමක් නොමැතිවම ඔලු නෙලුම් මල් වලට වි උන්නහ.. එහෙන් මෙහෙන් ඇහෙන ගෙම්බෙකුගේ හඩ ද සුළං පොදට ගහගෙන ගියෙ ය. නිල් කැට වන් ජලයේ ගෙල තෙක්ම අප්පු සිරුර ඔබා ගෙන උන්නේ ය. තරමක සීතලක් ඔහුට දැනුනත් ඔහුගේ මානසික සුවය ඉහල විය..

තවත් මොහොතක් නිසොල්මනව ගත කල අප්පු ජලයේ ගිලි ඉහලට වුණි..මුහුණේ ජලය හුරමින් ජල තලයට කිහිප පහරක් දී මද වෙලාවක් ජලයේ ගිලුනේ ය..

වැවේ කිහිප දිහාවකට පිහිනමින් හේ කාලය ගත කලේ ය..

වැවේ වෙනත් කොනක කාන්තාවක දෙකක කතා බහක යෙදෙමින් රෙදි සෝදන්න විය.. තවත් කාලය වැය නොකළ අප්පු වැවෙන් ගොඩට උනි.. තෙත බරිත සරම් කොටේ මිරිකා අත්තක එල්ලු අලුත් සරම ඇද ගත්තේ ය.. පසුව ඒ වැව් කණ්ඩිය දිගේ ඇවිද ගියෙ ය.

"ආ.. අප්පු කොල්ලෝ? උදාහනක්ම නාන්න ආවද?"

"ඔව් නැන්දේ.." අප්පු පිළිතුරු දුන්නේ රෙදි හෝදන ගැහැණියකටය.

"හොදා හොදා.. අම්මා සිල් ගන්න ගියාද?"

"නැ නැන්දේ... අප්පොච්චා ගිය හන්දා වැඩ එයාට.. හැන්දෑවට පන්සල් යනවා " අප්පු සුහදව පිළිතුරු දුනී. නමුත් ඔහුට අමුත්තක් දැනෙන්න විය.

"හා හා.. එහෙනම්.."

"යන්නම් නැන්දේ.."

"හොදා හොදා.."

අප්පු ඔවුන්ගෙන් සමුගෙන ඇවිද ගියෙ ය. නමුත් ඔහුට දැනුනේ කවරෙකු හො ඔහු දෙස බල සිටින අයුරකි.. නිරුවත් උඩුකයට වැව දිගේ හමා එන හුලග තවත් හීතලක් එක් කලෙන් ඔහු අඩිය ඉක්මන් කරන්න වුණි.. නමුත් එකවරම කැලෑ දෙසින් සතෙකුගේ ගෙරවීමක් ඇසුනි.. ඒ දෙස සිට කුරුල්ලෝ දසත පියබා යද්දී අප්පු ඒ දිහාට ඇහැ දැම්මේ ය.. ඒ එක්කම ගිනි බටයක් පත්තු වෙන හඩ ඇහෙද්දී අප්පු තිගස්සුනි.

"පෝය දවසෙත්?" අප්පු මිමිනුවේ ය. ගිනි බටයක් පත්තු උනේ හා කව්දය් කලේ යන වගට අප්පුට ඇහින් දුටු සාක්කි අවැසි නොවිය.. අප්පු සුසුමක් හෙලුවේ ය. හේ කෙලින්ම නිවසට ගියෙ ය.

කස්තිරම් Where stories live. Discover now