විසිවැනි කස්තිරම

208 18 1
                                    

දින කිහිපයක් ගත වෙද්දී පෙරහැරට සුදානම් වීමට නැටුම් ගුරුන්නාන්සේ නැටුම් පුහුණු වීම් ඇරඹුවේ ය. දවසේ වැඩි වෙලාවක් බෙර හඩවල් හා කවි, තානම් ඇහෙන්න විය..

පේලියට හිට ගත් ගෑනු ළමෝ කල ගෙඩි කුළු ගෙන නැටුම් පුහුණු වෙද්දී සමහර පිරිමි ළමෝ වේවැල් නැටුම් හො උඩරට නැටුම් පුරුදු වෙන්න වුහ. උඩරට නැටුම් කාන්ඩේ අප්පු උන්නේ ය. හේ අනික් අයවද පුහුණු කිරීම් වල නිරත උනේ නැටුම් ගුරුන්නාන්සේ ගේ මග පෙන්වීම යටතේයි.

උදෑසන ඉදන් කෙරුන පුහුණු වීම් නතර කෙරුනේ හවස් ජාමේදියි. කුරුල්ලෝ කැදලි කරා පියඹද්දී දවස පුරා මහන්සි වූ ළමෝ නැටුම් ගුරුන්නාන්සේ ට ආචාර කිරීමෙන් අනතුරුව නිවෙස් කරා පියමැන්හ.

"අප්පුවෝ... එනම් මාත් ගියා..." ඉතිරි වි සිටි කළුවාද කිවේ අප්පුට සමු දෙමිණි. ඔහුද වටෙන් එපිට ඌ පසු අප්පු ගොස් ගෙයි ඉස්සරහින් ඈදී ගත්තේ විඩාව හෙයිනි.

"මේන්.. කොල්ලෝ.. වතුර ඩිංගක් බීපන් " අප්පුගේ මව් අප්පුට පැන් සංග්‍රහ කලේ ය. අප්පු එක හුස්මට එය අහවර කර මදක් හිරි ඇර ගත්තේ ය.
හේ මදක් එපිටින් වූ කොහොඹ ගස දිහා බලන් උන්නේ ය.. හැන්දෑ සුළග ඔහුගේ ගත සිප ගද්දි දැනුන සුව දායක බව එක්ක අප්පු දෑස පියා ගත්තේ ය.

"අයියන්ඩි..." අප්පුගේ දැහැනට බදා කලේ අරලියයි.

"ම්ම්??"

"කරනම් ගහන්නකො.. බලන්ට ආසයි.. අර දවාලේ ගැහුවේ.." අරලියා කිවේ අප්පු ලගින් හිමිට ඈදී ගනිමිණි. දවස තිස්සෙම මහන්සි වූවෙන් ඇගේ කොන්ඩේ ඇවිස්සි තිබුණි.

"ඒ අහවල් එකටද? දැන් බැ.. මට විඩාවයි!"

"අනේ අයියන්ඩි..... මයේ හොද අයියන්ඩි නෙ?" ඈ පෙරැත්ත කලා ය.

"වදයක් නොවී යනවකො.. ගොහින් මට තව වතුර එකක් ඇන්න වරෙන්."

"හුම්ප්!මන් එයයි කියන එව්වා කරන්න ඕන.. මන් කිව්වම තමා බැරි!!" ගස්සමින් කී අරලියා කුස්සියට ගොස් වතුර ගෙනාව ය. " ආ... හුම්!"

අප්පු හොරෙන් සිනහ වෙමින්ම පැන් පානය කලේ ය. අවසාන හේ මිදුලට බැස්සේ ය. " ආ.. බලාගනින්!" කී හේ පොළවට වැද කරනම් කිහිපයක් ගැහුවේ ය.
අප්පුගේ මව් හා නැටුම් ගුරුන්නාන්සේ ද ඉස්තෝප්පුවට වුණි.

කස්තිරම් Where stories live. Discover now