විසිඑකවැනි කස්තිරම

250 17 4
                                    

බෝ කෝල සිලි සිලි හඩින් සෙලවුනි.. හමා ආ සුළග ඊට හේතු පෙන්නද්දී එයම අප්පුගේ ගත නිවීමට හේතු විය. බෝ අතු අස්සෙන් පැන ආ හිරු කිරණ නිසා පිලිවලකට ඇමද තිබු බෝ මළුව රන් පාටින් දිලිසුනි.. සුළු මොහොතකට පෙර අප්පු දැල්වූ සුවද කූර බෝ මළුව සුවදවත් කලේ ය.

අප්පු සුසුමක් හෙලුවේ ය. වෙලා තිබු තම හස්තය අත ගාමින් හේ එපිටින් පෙනෙන වැව දිහා බලා උන්නේ ය..උදෑසන වැවෙහි රුව මනකාන්ත විය.. නමුත් අප්පුගේ සිහිය වුයේ වැව ලගට වි මස් පිහිය පිරි මදිමින් සිටි බාබු වෙතයි. බාබුව අවසන් වරට හමු වි ගෙවුනේ දින පහක් පමණි.. නමුත් එය අප්පුට ඊට වඩා දිගු කාලයක් යයි දැනුනේ ඇයි කීමට හේතු ඔහු ලග නොවිය.

"අප්පු?"

අප්පුගේ දැහැන බිදුනි. " පොඩි සාදු.. "

"මොකෑ මේ පැත්තේ? මන් බලාගෙන සැහෙන වෙලාවක් කල්පනා කොරනවා!" පොඩි සාදු කීහ.

අප්පු සිනහවක් පෑවේ ය. "නිකන් පොඩි සාදු.."

"අත මොනා වෙලාද?"

"කරනම් ගහන්න ගොහින් වැටුනා නොවැ.."

"ම්ම්... ප්‍රවේසමට අප්පුවෝ.. පෙරහැර ලං කරන් අඩූ කඩා ගන්න ඒම එපා!!" පොඩි සාදු කීහ. උන්වහන්සේගේ අප්පුගේ හස්තය පරික්ෂා කලහ.

"පොඩි සාදු?"

"ම්ම්?"

"මන් දෙයක් අහන්නද? මයේ හිතට හරි බරයි මේ දේ.."අප්පු කිවේ නැවතත් වැව දිහාට බැල්මක් හෙළිමෙනි..

පොඩි සාදු නළල රැලි කර ගත්තේ ය." ඒ මොකද්ද? "

අප්පු මද වෙලාවක් ගත කලේ ය..

"මන්... දන් නැහැ පොඩි සාදු.. මයේ හිත හ‍රි බරයි මේ දවස් වල..මොකෑ කියන්න මට හිතා ගන්ට බැරුවා." අප්පු සුසුමක් හලේ ය." මට හරියට.... සාංකාව වගේ. "

පොඩි සාදු සිනහවක් පෑහ. " මොකෑ මොකෑ මේ අප්පු? ආල හිතක්වත් පහල වෙලාද කාට හ‍රි? "

"එත්.... ඒම වෙන්ට පුලුවන්ද?" අප්පු නැවතත් වැව දිහා බැලුවේ ය.. බාබු හිටියේ තැනම ඉදන් අප්පු සිටි දිහාව බලන් උන්නේ ය. ඉන් අප්පුගේ හද ගැස්සී ගියෙ එය යක්‌ බෙර ගහද්දිය්. අප්පුට තම බැල්ම ඉවත් කර ගත නොහැකි විය.

කස්තිරම් Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ