දහතුන්වැනි කස්තිරම

206 18 2
                                    

"අප්පු!!?"

"අ.... අප්පොච්චා..?"

"කොහේද ගියෙ?" නැටුම් ගුරුන්නාන්සේ ඇහුවේ තරමක කේන්තියෙනි.. බාබුගේ නිවසේ සිට පැමිණි විගසම ඔහු අප්පු මතට ගොඩ වුනේ තම පුතුගේ හපනකම් කන වැකිම නිසයි..

"මේ.... අහන්නකො අප්පොච්චා.. උදේ.. මන් යද්දී..."

"මන් දන්නවා!!! තෝ අර පිලි ගුහාව අස්සේ රිංගුවේ තොගේ රාජකාරි ගැන අමතක කොරලද? ආ?"

"අප්පොච්චා... එහෙම කියන්ට එපා.. මැණිකේ නැන්දා -"

"මැණිකේ ව ගාව ගන්න එපා මෙව්වට! ඒක උන් බලා ගනියි.. උබ අහවල් එකටද ඒක අස්සේ රිංගන්න ගියෙ? ආ?!!" නැටුම් ගුරුන්නාන්සේ ගිගිලුවේ ය. අප්පු තම පියාට ඇති බිය නිසාවෙන් බිම බල ගත්තේ ය..  ගුරුන්නාන්සේ අප්පු ලගට විත් ඔහු දෙස තියුණු බැල්මක් හෙලුවේ ය.. "ආයේ එහෙ පස් පාගලා මට ආහුවෙයන්කෝ උබ!!!! ගහනවා දඩු කදේ...!!! තේරුනාද?!!! පලයන්... ගිහින් කහ වතුරෙන් නාල මිසක් ගෙට ගොඩ වෙනවා නෙවේ!!!"

"හොදා අප්පොච්චා.." අප්පු වරද පිළිගෙන හෙමින් සීරුවෙන් ගෙට පිටිපස්සට යන්න වුණි..

"ආයේ මේ වගේ දෙයක් කලොත්... උබව මම හම ගහන්නේ අප්පුවෝ..!! "

"ඇත්තමයි.. අප්පු... මොලේ කළදක් තිබ්බේ නැද්ද එහෙ ගාටන්න කලින් හිතන්න? අප්පොච්චා උන් එක්ක ආරෝප්පේ කියලා උබ දන්නවනේ..?" අප්පුගේ මව් කිවේ නැටුම් ගුරුන්නාන්සේ සිටි දිහාට ඇහැ යවමිනි.. අප්පු තම බැනියම ගලවා වැලට දැම්මේ ය.

"මන් පව් වැඩක් කලේ නැනේ අම්මේ.. ලෙඩෙක්‌ට උදව්වක් කොලා විතරයි. මස් මරුවට බාබුත් මනුස්සයෙකනේ?"

"හා හා. අප්පොච්චට ඇහෙයි පැහිච්ච කම්..ආ... මේක ගෙනිහින් හොදට නා ගනින් " මව් ඔහුට කහ වතුර කලයක් දිගු කලේ ය. අප්පු කරබාගෙන ගොස් නා ගන්න වුණි..අප්පොච්චා ගෙන් බැනුම් ඇහුවත් අප්පුගේ හදවත සතුටකින් පිරි තිබුණි.. ඔහුගේ මුහුණේ සිනාව ඊට සාක්කි පෙන්නුවේ ය.. ඉක්මනින් නා ගත් ඔහු ගෙට ගොඩ විය. කාමරේ වූ ඇද මතින් ඉදන් කල්පනාවකට වටුනි.

ඔහුගේ හිත දිව ගියෙ බාබු ලගටයි.. වේදනාවෙන් මිරිකි තිබුනත් අඩූ නොවූ කඩවසම බව ඔහුගේ හදේ කෙටී තිබුණි. බෙහෙත් කරන විට වේගයෙන් උස් පහත් වූ ලය, දාඩිය බිදු නිසා දිලිසුන වත, වේදනාවෙන් කල කෙදිරිම් ඔහුට මහත් වූ තෘප්තිමත් බවක් ගෙන දුන්නේ ය.. ඔහුගේ අභ්‍යන්තර ක්‍රියා පාලනයෙන් ගිලිහුනාක් මෙනි. සිරුර හිරි වටීමක් විය.
බාබු ගැන මතක් කිරීම අපපු ගේ සිත නිවා දැම්මේ ය. සන්සුන් කලේ ය.

එකවරම අප්පුගේ නෙත ගැටුනේ වම් අතේ මැණික් කටුවයි.. එය රත් පැහැ ගැන්වී තිබුණි.. ඒ බාබු තදින් අල්ලාගෙන සිටි හස්තය බව ඔහුට සිහි වුණි... සැනින් අප්පුගේ මුහුණ ඔහුටත් හොරා සිනාවකින් එලිය විය..

කෙසේ නමුත් බාබුගේ වේදනාව අප්පුව අහේතුකවම කනස්සල්ලට පත් කලේ ය.. බෙහෙත් කරන විට තදින් තම අත මිරිකා ගත් අයුරු ඔහුගේ හදවතටම කාවැදුනි.
.
.
.
.
දහවලේ නැටුම් ගුරුන්නාන්සේ පන්සලට ගියෙ අප්පුට වැඩ පවරමිනි.. ඒ නිසාවෙන් අප්පු බෙර පටි තද කරන්න වුණි.. අරලියා මිදුලට වි තාලෙට කවි කියමින් නැටුම් පද කිහිපයක් පුරුදු උනා ය.

අහසට පිඹිනා..
එරන් කලේ යා...
පොලවට පිඹිනා...
භූමි කලේ යා...
රන්මසු දහසක්...
වටින කලේ යා...
නොබිදින් නෑනෝ...
මගේ කලේ යා....

කල ගෙඩියකුත් උකුලේ තබා ගෙන ලතාවට ලැම හා උකුල පදවමින් ඈ සොදුරු නර්තනයක යෙදුනා ය. මිහිරි හඩින් ගැයෙන කවි පදත් සුලගේ ගහ ගෙන ගියෙ අවට නිසංසල කරමිනි.. ඇගේ පැද්දිල්ලට එහෙමෙහෙ යන දිගු වරලස සෝබමානව වැනෙන්න විය..

"අයියන්ඩි... මට අර අඩිය අමතක වෙනවනේ කොයි වෙලෙත්.. පුරුදු වෙන්නම බෑ නොවැ.. මොකෑ කරන්නේ මන්?" අරලියා ඇහුවේ පද ගායනය නවතමිනි.. අප්පු ඈ දෙසට බැලුම් හෙලුවේ ය.

"උබ ඒක වැරදියට කරද්දී අමතක වෙන එක සාදාරනයි. කොච්චර කිව්වත් උබ එදා ත් වැරැද්දුවනේ?"

"අනේ... කියලා දෙන්නටකෝ... අප්පොච්චා දැනගත්තොත් විසුමක් වෙන්නෑ.. මට බනියි!" කල ගෙඩිය පසෙකින් තැබූ අරලියා තම සහෝදරයා ලගට විත් අහිංසක බැල්මක් හෙලුවා ය.

"කියලා දෙන්නම්... හැබැයි මට කඹුරන්න ඕන සුමානයක් " අප්පු කීය.. අරලියාගේ මුණ ඇද උනි..

"මොකද්ද අනේ... හ‍රි නරකයි.. අනික මන් උබට අමුතුවෙන් කඹුරන්න දෙයක් නැතුවා නෙ..? කියලා දෙන්ටකෝ අයියන්ඩි...?"

අප්පු තම සොයුරිය දෙසට නුරුස්සන බැල්මක් හෙලුවේ ය. පසුව උකුල මත වූ ගැට බෙරය පසෙකින් තැබුවේ ය.
"හා හා... "

"මයේ හොද අයියන්ඩි..."

2024/08/01

කස්තිරම් Dove le storie prendono vita. Scoprilo ora