chapter 1

197 14 43
                                    


ලී හන්සො වගේම එයාගෙ වයිෆ් වෙච්ච  සම්‍යොන් එක්ක දැන් සතියක ඉදන් ඉන්නෙ ශතවර්ශ සීයක් විතර පරන ,පරන තාලෙ නිවසක....හන්සො කියන්නෙ අතීත දේවල් වලට ගොඩක් කැමති කෙනෙක්...කොටින්ම් එයා පුර විද්‍යාඤයෙක්....ඒ උනත් මේ ගෙදරට ඇවිත් සතියක් යන්නත් කලින් ඒගොල්ලොන්ට මූන දෙන්න උනේ  කවදාවත් ඒගොල්ලො විදපු නැති අත්දැකීම් වලට...හන්සො කවදාවත් බූත ආත්ම ගැන විශ්වාස කරපු කෙනෙක් නෙමේ...තට්ටු දෙකකින් සමන්විත පරන තාලෙ ගෙදර උඩුමහලෙ තිබ්බ කාමරේක තමා ඔව්න් දෙදෙනගෙ සයනය තිබ්බෙ


ඒත් දැන් මැදියමත් පහු වෙලා එයාගෙ බිරිද ඇද උඩ කිසිම උදව්වක් නැතුව හිස් අවකාශෙ පාවෙන දිහා බලන් හිටපු හන්සොගෙ හුස්ම පවා ටිකකට නැවතුනේ කරගන්න දෙයක් හිතාගන්න බැරුවයි...තමන්ගෙ බිරිද හිස් අවකාශ පාවෙනව කිසිම ආදරකයක් නැතුව...ඒවගේම මුලු කාමරේම බල්බ් නිවි නිවි දැල්වෙන්න ගත්තා..හන්සොට කාමරේ ඇතුලෙන් දැනුනෙ කියාගන්න බැරි තරම් සීතලක්...

තප්පරයක් දෙකක් ...ටික් ටොක් ටික් ටොක්...හරියටම රාතී තුනයි වෙලාව...පාවෙමින් හිටපු  සම්‍යොන් ආපහු ඇදටම වැටුනේ සිහිය නැතුවම වෙනකොට හන්සො ඉක්මනින් ඇයව තමන් ලගට කරගත්තෙ ලග මේසෙ තිබ්බ වතුර වීදුරුවෙන් වතුර අරන් ඇයගෙ මූනට ඉහින ගමන්...

ඒත් එක්ක කිසිම ආයසයකින් තොරව මුලු කාමරේම වීදුරු බිදෙන්න ගත්තෙ හන්සන් වගේම ස්ම්‍යොන්ගෙ ඇගේ චූටිචූටි වීදුරු කෑලි ඇගේ වැදිල විල්ලුද පාට ලේ බින්දු  ඒ මූනුවල රටාමවද්දි...සන්හු තම ආදරනීය බිරිද බේරගන්න හිතන් එයාව ආවරනය කරගත්තෙ වීදුරු බිදිමින් නොනැවතුනු කරදරය ගෙදර බඩුමුට්ටු පවා එහෙමෙහෙ විසිවෙනකොටයි...හන්සො ගෙ ඇස් හැරවුනේ මුලු කාමරේම කනපිට ගහල තිබ්බත් එක හීරීමක්වත් වෙලා නැති කන්නඩි මේසෙ දිහාවට .....

එත්එක්කම වගේ කන්නාඩියේ කලු පාට් කුනු ලේ වලින් මොන මොනවදෝ  ලියවෙන්න ගත්තා ....කුනු වෙච්ච ලේ  වල ගදට ඕකාරෙට ආවත් හන්සො ඒ දිහා හරිම පරීක්ශාකරීව බලන් හිටියා...

මගේ ගෙදරින් පලයන්!!!!!!

කන්නඩියේ ලිය්වලි තිබේනෙ ඒ වචන තුන..හන්සොට මතක් උනේ ගෙවුන සතිය තුල එයාගෙ දොර කොඩ මේ වගේම අත් අකුරුවලින් ඒගොල්ලොන්ට යන්න කියල ලියල තිබ්බ කොල කැල්ල...අවසානාවකට වගේ හන්සො හිතුවේ ඒක මේ ගෙවල් ලගඉන්න කොලු ගැටවුන්ගෙ පොඩි විහිලුවක් කියලයි...ඒත් දැන්නම් හන්සොට මේ වෙන දේවල් ගැන  බරපතලකම හොදටම දැනෙමින් තිබුනා..

Ghost KissWhere stories live. Discover now