chapter 14

39 10 4
                                    

මන් බිම දිගා වෙද්දි හෝසොක් මට හිනාවක් දාල  වහලෙ කෙරවලට ගිහින් ඉදගත්ත මන් දැක්ක..එයාගෙ විනිවිද පේන ඇග හරහ හිමපියලි වැටෙන දිහා මන් බලන්  හිටියා...එයා වහල් කෙලවරේ කකුල් දෙකත් පද්ද පද්ද පුරුදු විදියටම අහස දිහා බලන් හිටිය...විනාඩි දහයක් පහලවක් එයා දිහාම බලන් උන්නු මට මටත් නොදැනිම මගේ ඇස් පියන බර උනා..

.
.
.
.
.

මර නින්දෙ හිටපු මන් ඇහරුනෙ වෙනදට වාඩා දැනුන සීතලට....සීතල වගේම තාමත් හිම  වැටෙන නිසා කුරුල්ලො වැඩිය එලිපහලියෙ හිටියෙ නෑ...ඒනිසාම වගේ පරිසරය හරිම නිශ්ශබ්දයි...ඊයෙ දුබුරුපාටට කොල හැලිච්ච ගස්වල අද හිම තට්ටු තට්ටු පිරිල...කොල වෙනුවට හිම වලින් ගහ සම්පූර්න වෙලා ගිහින් තිබුන...ගාර්ඩ්න් එකම හිම වලින් වැහිල...මන් නිදන් හිටපු තැන ඇරෙන්න වහලෙ අනිත් ටිකත් හිම වලින් වැහිලා..මන් වහලෙ ඉදගද්දි  මගේ ඔලුවට උඩින් හදල තිබ්බ කොල වහලෙ එක්පාරම කාඩාගෙන මගෙ ඔලුව උඩට පත බෑ උනා...මන් හිතන්නෙ කොලවලට හිම බර වැඩි වෙන්න ඇති....උදේ පාන්දරම හිම වලින් ඔලුවත් එක්කම සීතල වෙලා ගිය නිසා හිමත් ගසාගෙන මන් වහලෙ උඩ හිටගත්ත...

ශ්...සීතලයි අප්ප....හිරිගඩුත් පිපිලා....කොච්චර සීතලද කිව්වොත් කටින් පවා දුම පිටවෙනව.......
මන් බැලුවෙ හෝසොක් ඉන්නවද කියල...මූ නෑ..කොහෙ ගිහින්ද මන්ද ...වහලෙ උඩ නැති නිසා ගාර්ඩ්න් එකේ බලද්දි මේ යකා ගා‍ර්ඩ්න් එක පිටිපස්සෙ තඩි හිම බබෙක් හදනව...එයාගෙ මනස පාවිච්චිකරල හිම බබෙක් හදන එයා දිහා මන් බලන් හිටියා.....ඒත් එක්කම එතනින් එකපාරම අතුරුදහන් උන ඒකා ඊලගට මතු උනේ මන් ලගින්...

"සුබ උදෑසනක් යේශ්...අහ් නෑ ගූඩ් මෝනින්...ඊයෙ රෑයි මායි ජිමිනයි එකතු වෙලා තඩි හිම බබෙක් හැදුව...ලස්සනද...ඔයා ගාව කැරට් අලයක් ගන්න නැතිවෙයිද....."

"කැරට්...බලමු ගෙදර ඇති...කව්ද ජිමිනා කියන්නෙ."

"ජිමින කියන්නෙ ජිමින්...ඒකියන්නෙ මගෙ යාලුව...අර හිම එක්ක සෙල්ලන් කරන්නෙ ආන්න  ඒ ඌ..."

මන් එයා ඇගිලි දික්කරල පෙන්නපු දිහා බැලුවත් මට පෙවුනේ ඉබේ හිම පාවෙනව විතරයි....

Ghost KissWhere stories live. Discover now