chapter 11

49 10 26
                                    

"වැඩක් නෑ මියොන්....මූ හොදට හැදෙන්න තිබ්බ මුට අවජාතක ලේ නොතිබුනානම්...නැත්නම් තමන්ගෙ තාත්තට ඔහිම කතාකරයිද...පිට උන්ගෙ ලේවලින් හැදුනු කොහාටවත් නැති උන්ව වැදුවම ඔහොම තමා..."

එයා මාව රිද්දන්න කිව්වත් ඒ වචනවලට තවත් මට රිදෙන්නෙ නෑ කියල තාත්ත දන්නෙ නෑ....එකම දේ සිය දහස්වතාවක් අහද්දි ඒක දැනෙන්නෙ නැති වෙලා යනව...මුලදිදුක් උනත් මට ඒක ගානක් නෑ...ඒක්කො මන් ඒකට හුරුයි...තාත්තයි මායි හම්බුවෙනව කියන්නෙ මොකක් හරි රන්ඩුවක්...මට රන්ඩුවෙන්න ඕනෙ නැති නිසාම වගේ ආපහු එයාට හිනා වෙලා කතා කලා..

"ඔයා හරි..."

"උබට මාව විහිලුවක්ද...මේක අහගන්නව යුන්ගි...උබේ තාත්ත මන්...අර එරන් නෙමේ...උබේ අම්ම ආතක් පාතක් නැති මෙනිහෙක්ට ආදරෙ කලේ කරුමෙකට ...ඒ උනත් අම්මට දැන් හොද ජීවිතයක් තියනව මන් නිසා...ඒත් උබ ඒ ආතක් පාතක් නැති මිනිහගෙම ලේ...අම්මෙක් අප්පෙක් නැති මනුස්සයෙක්ගෙ ලේවලින් හැදෙන උනට කොහොමද ඉතින් හොද ගති ගුන පිහිටන්නෙ...මන් දන්නව උබ මෙච්චර දගලන්නෙ ඒ නිසා කියලා...හැබයි ඒ ලේ උබට තිබ්බට දැන් උබේ තාත්ත මන්...ඒනිසා ඔය ගති අතඇරගන්නව යුන්ගි..."

මට හිනාවෙන්නද අඩන්නද තේරෙන්නෙ නෑ...මගේ අම්මගෙ කරුමෙටලු මගේ තාත්ත හම්බුනේ...එතකොට අපෙ අම්මගෙ පිනකට මේ මිනිහ කරගහගන්න උනෙ...හහ්... මගෙ තාත්ත ඉන්න කාලෙ අම්මගෙ හිනාවෙන් පිරුනු මූන මේ මිනිහට වඩා මන් හොදට දන්නව...මේ මිනිහ බැදගත්ත දවසෙ ඉදන් නැති උන මගෙ අම්මගෙ හිනාව මන් තාමත් හොයනව...ඉස්සර තාත්ත ගාවදි දිලෙසෙන ඇස් දැන් මලානික වෙලා...ඒ සැනීසම දැන් නැහ්තටම නැති වෙලා...මට තේරෙන්නෙ නෑ මේ මනුස්සය මොන පිනක් ගැන කියවනවද කියල....මගේ තාත්ත  ඉසාම මේ මිනිහ මට කැමති නෑ...ඒ නිසයි හැමතිස්සෙම එක එක නම් අලින් කෑගහන්නෙ..මන් කිසිම දෙයක් නොදැනෙන ගානට ඉන්න එකම හේතුවත් මේ මිනිහම තමා..

"අහ්...හරි හරි...මන් දන්නව..මන් පහත් කුලේ අවජාතක පුතෙක්නෙ...ඉතින් මගෙ උසස් කුලේ තාත්ත කියන්නකො මන් කරපු වැරද්ද මොකක්ද කියල...ඇයි දැන් රවන්නෙ......"

එයාට ඕනෙ මන් අවජාතකයෙක් මේ ලෝකෙට ඕනෙ නැති එකෙක් කියල ඒත්තු ගන්වන්නම නිසා මන් එයා ආසවිදියටම කතාකලා...

Ghost KissWhere stories live. Discover now