chapter 13

46 10 14
                                    

"ඔව් මන් වටින නිසා මිනිස්සු මන් ඉල්ලපු ගමන් කෑම මට ඕන කැම ගේනවා"

"ශාහ් මරුනෙ....ඔයා එහෙනම්  ඔයගෙ ඔඩද මොකද්ද එක කරන්නකො.."

"හා"

ඒක ආපහු අතුරුදහන් වෙලා ගියා...මූනම් කොහෙ කොහෙ යනවද මන්ද...මන් ඔයා මොනා කරන්නත් කලින් ජන්ග්කුකාට කෝල් කරන්න හිතුවා...මන් උට බැන්නත් එක්කනේ...මන් උගෙ හිත රිද්දපු එකට සමාව ගන්නත් එක්ක උට කෝල් එකක් ගත්තත් මූ හිතලමද කොහෙදෝ ඒක කට් කරල දැම්ම...මාත් එක්ක තරවෙලා වෙන්න ඇති ඇත්තෙ..ඌනම් කොච්චර කරත් පොඩි එකා වගේ..මන් හිතන්නෙ පව්ලෙ බාලය නිසා වෙන්න ඇති...අන්තිමේ මන් කෑම ඕඩ කරල කලින් කර කර හිටපු වැඩ ටික කම්ප්ලීට් කරන්න ගත්ත...හම්බුනාම කතාකරනව..කොහොමත් හොද කෑම වේලක් දුන්නම ඕක ආයෙ යාලුවෙනවා....අන්තිමේ කෑම එක ගේන කොල්ල ඇවිත් බෙල් කරපු නිසා මන් කෑම එකත් අරන් ඇතුලට ආවා...ඇත්තටම හෝසොක් කොහෙ ගිහින්ද මන්ද ...මන් ගෙදර වටේ ඇස් යැවුවත් මූ නෑ...ඒත් එක්කම වගේ වහලෙන් සද්දයක් ආව....මන් හිතන්නෙ වහල උඩ වෙන්න ඕනෙ...මේ අමනුස්සය එන පාටක් නැති නිසා මන් කෑමත් කාල ඉවරවෙලා නිකමට වහලෙ උඩට ගියා...කලින් වගෙ නෙමේ සුදුපාට කෝට් එක හද එලියට දිස්නෙ දෙනව...ඊටවඩා එයාගෙ ශරීරය හද එලියට සුදු මිශ්‍ර උනු ලානිල් පාටකින් දිස්නෙ දෙනව...වහලෙ උඩටම වෙන්න චිමිනියට හේත්තු වෙලා කකුල් දෙකත් බැදගෙන හද දිහා බලන් ඉන්න එයා දිහා මන් ටිකක් වෙලා බලන් හිටියා....ඇත්තටම හොල්මනක් කියනවට වඩා එයාව දූතයෙක් වගේ කියල  මට මොහොතකට හිතුනා...එයා ඒතරම්ම ලස්සනයි....හරිම නිවිච්ච පෙනුමක් එයාට තිබ්බෙ...

මන් එයාගෙ දැහන බිදින්න අකමැත්ත නිසාම මුකුත් නොකිය එයාගෙ එහා පැත්තතෙන් වාඩි උනත් වාඩි වෙද්දි වහල උඩ  වේලිලා තිබ්බ කොල නිසා ඇහුනු සද්දෙට මගෙ උත්සහය වතුරෙ යද්දි  එයා මන් දිහා බැලුව...එය මුකුත්ම කිව්වෙ නෑ...මටත් මුකුත්ම කියන්න උවමනාවක් තිබ්බෙ නෑ....මන් දිහා බලල හිනා උනු හෝසොක් ඊලගට අහස දිහා බැලුව..රෑ අහසෙ වෙනදට වඩා තරු පිරිල කියල මට හිතුනා...එක්කො මට අහස දිහා බලන්නවත් වෙලාවක් නැති නිසා මෙහෙම හිතුනද මන්ද...ඒත් රෑ අහස හරි ලස්සනයි...රෑද දවල්ද අහසට අදාල නෑ ඕනම වෙලවක අහස කියන්නෙ නිස්කලන්ක තැනක්...හිත නිවන තැනක්....

Ghost KissWhere stories live. Discover now