chapter 6

66 11 14
                                    


එය මට තෑන්ක්ස් කිව්ව...ඒත් මට නෙමේනෙම්...ඒත් එහෙම කලේ මන්නෙ..එයා කිව්වෙ මට නේද..නැද්ද..මට මොකක්ද මේ වෙලා තියෙන්නෙ..පිස්සු හැදීගෙන එනවද ඔහේට...

එයා හදාගත්ත කෑම එක රහ කර කර කන යුන්ගි දිහා මන් ටිකක් වලා බලන් හිටියා..මට ඉතින් බඩගිනි දැනෙන්නෙ නෑනෙ..ඒත් මාත් උදව් උන නිසා කටක් කන්නම හිතෙනව...ඒත් බෑනෙ...

අන්තිමේ අපේ හිච්චි අයිය කාපු ඒවත් අස් කරල එයාගෙ  ඇදුම් ටිකත් කොලේක ඇදල  තව මොනාද ඉන්ගිරීසි කොල කෑලිවල අත්සන් කල...ඒව කියවල...තව මොනාද ඒව අර පොත වගේ යකඩ කෑල්ලේන්  ලියල නිදාගන්න ගියා..නිදාගත්තම මැරිල වගේ නින්ද යන නිසා හොදයි...මූව උස්සන් ගියත් දන්නෙ නෑ...

ටික වෙලාවක් යද්දි එයාට හදටම නින්ද ගිහින් තිබුන..මොකද එයා ලාවට ගොරවන සද්දෙ මට ඇහුනා...මූ නිදියන්නෙ එකම විදියට...හෙල්ලෙන්නෙවත් නෑ....මේ මනුස්සය නිදියන්නෙම උඩුබෙලි අතට...මන් බලාගෙන හැරෙන්නෙවත් නෑ...මුලු රෑම එකම විදියට ඉන්නෙ...ඒකට මන්...ඇදෙන් බිමට වැටිල ඇද යටටත් ගිහින් නිදියනව මන්...ඒකනෙ අවුරුදු දහය වෙද්දි අම්ම මට වෙන කාමරයක් දුන්නෙ....මන් ඇදේ ඉන්න අම්මටයි තාත්තටයි පයින් ගහනව කියලා.....

කොහොම හරි එයාට හොදටම නින්ද ගිහින් තිබ්බ නිසා මන් ආයෙමත් එයාගෙ කාමරේ ඇද උඩින් මතුනා...එයා හොදටම නිදි...කිසිම හැලහොල්මනක් නෑ..මූ මැරිලදත් කියල සැකයි....මන් ආපහු ඊයෙ රෑ වගේ එයාගෙ බඩ උඩට නැගල එයා එයාගෙ පියවිලා තිබ්බ ඇස් දිහා බලන් හිටියා..මට මෙයාව හොදට හුරුයි...මට ඔයාව ලගයි වගේ දැනෙන්නෙ...එත් ඇයි මට ඔයා ගැන බොදඋනු මතක විතරක් තියෙන්නෙ....දෙවෙනි හාද්දෙන් ඔයාට ඔයාගෙ කලින් ආත්මෙ මතක් වෙයිද...නැත්නම් ඔයත් කලින් ආපු මිනිස්සු වගේම නිකන්ම කෙනෙක්ද...

මන් මනුස්සයෙක්ට හාද්දක් දෙන්න මෙහෙම ගොඩක් හිතන කෙනෙක් නෙමේ..ඒත් අද මට මොනවද වෙලා තියෙන්නෙ කියන්න මන්වත් දන්නෙ නෑ...මන් ආපහු මටම බැනගෙන මගේ මනස සන්සුන්කරගත්තා...මට ඉක්මනින් යුන්ගිගෙ කන්නාඩි මේසෙ තියන වතුරු වීදුරුවෙන් මාව පේනවද කියල් බැලුව...ඔව් මාව පේනව..දැන් මට තප්පර පහලවක් තියනවා ....ඒනිසා මන් එයාගෙ තොල්වලට නැමුනා....එයාට මාව දැනෙනවද...ඔයාට මොනවහරිම මතක් වෙයිද....මන් එයාගෙ තොල් තදින්ම සිපගත්තා...මගේ දත් අස්සෙ එයාගෙ තොල් තෙ‍රපෙද්දි මන් එයා දිහා විටින් විට බැලුව..එයාට මන් ගැන මොනම හරි මතක් වෙලා නැගිටීදෝ නැගිටීදෝ කියල බලන් උන්න..ඒත් නෑ....එයාගෙ කිසිම වෙනසක් නෑ...බැරිම තැන මන් එයාගෙ බෙල්ල දිගට හාදු දෙන්න ගත්ත...ඒත් නෑ....දෙවෙනි හද්දෙන් කිසිම දෙයක් නොවුන කියන්නෙ තුන්වෙනි හාද්ද දීල වැඩක් නෑ කියන එක...එතකොට ඔයත් නෙමේ මන් හොයන කෙනා..

Ghost KissWhere stories live. Discover now