chapter 4

52 8 11
                                    

අපේ පැත්තෙ තියන ලොකුම බඩු ගන්න තැන තමා ඒක...ඒ නිසා හැමෝම වගේ එතන ලියාපදින්චි වෙනවා....මේ කුපාඩි ජිමිනත් ඒව බලල ගෙවල් ගානෙ යනව...මන් මුට කලුකුමාරයා කියන්නෙ නිකන්ද...නෑ නෑ මූ කලු නෑනෙ...මූ සුදු කුමාරය...

දවල් වරුවෙම මේ ගෙදර හිටියෙ මීයොයි කැරපොත්තොයි මේ මායි විතරයි...කරන්නම දෙයක් නැති තැන මන් අපේ වහලෙට එන කලු පූස් තඩියව බය කරා.....ගෙවුන පැය ටිකටම මන් ඔච්චරයි කලේ ජිමිනටත් ගෑනියෙක් දැක්කොත් අයේ මාවත් එපා ප#යට...

මන් ඌටත් බැන බැන ටිකක් වෙලා ඔහේ ඉද්දි ආපහු වත්තට ගිහින් පාරේ යන කරත්ත නෑ වාහන දිහා බලන් ඉදල අද දවසට ගියපු වාහන ගාන ගනන් කලා....මන් අර බෙන්ස් කියන අරූගෙ වර්ගෙ කාරුත් ගනන් කරනව කියල හිතුවත් ඒවගේ වාහන එකක්වත් මේපාරෙ ගියේ නෑ...කොහොමත් මේ පාරෙ වැඩිය වාහන යන්නෙ නෑ....

මට ගිය පැය හතරට වාහන අසූවක් අහූනා...මෙයහෙම බකන් ඉදල වැඩක් නෑ...අරූව පන්නන්න මොකක් හරි දෙයක් කරන්න ඕනෙ.....මන් ඒ ගැන හිත හිත ඉද්දි මට මතක් උනේ මන් කොහොමත් මිනිස්සුන්ව බයකරන්න ගන්න එකම විදියට....මට කොහොමත් ඔය මීයො කියන සත්තු ජාතිය පේන්න බෑ...මොකද උන් මහ වදයක්...මන් දවසට පස්දෙනෙක්වත් මරනව....ජීවිත දානෙ දෙන්න ඕනෙ තමා...ඒත් මේ අවලම් සත්තු ටික මගේ ගෙදර ලී ටික විකනවා...

මන් ඉතින් අපේ ගෙදර අස්සෙ ඉන්න මියෙක් අල්ල...ඌව මරල දැම්ම...කොහොමත් මේව මගේ ඇගේ ගෑවෙන්නෙ නෑ...මගේ ඇගේ ගෑඋනත් මට ලෙඩ හැදෙන්නෙ නෑනෙ...ඌගෙ ලේ හැම තැණම....අවසානෙ මන් මගේ හිත සන්සුන්කරගෙන ටිකක් ගන වෙච්ච ඇගිලින්වලින් ඒ ලේ අතින් අල්ලල ගෙදර ඉස්සරහ දොරේ මැදම මේ ගෙදරින් යන්න කියල ලිව්ව....අර මැරුනු මීයවත් දොර කොඩම දාල ආව මන් ගේ ඇතුඅලට ගිහින් සෙටියෙ ඉදගත්තා....

.
.
.
.
.

කාලේ යනව තේරුනේම නෑ..හවස හයත් වෙන්න ලගයි...මන් බලන් හිටියා....මෙච්චර වෙලා තනිකම කියන අදුර ගිල ගත්ත මගේ මූනට එලියක් ආවෙ අපෙ හිච්චි අයිය ගේට්ටුව ඇරගෙන එන සද්දෙ ඇහිලා....එයාගෙ පස්සෙන් අර ජනග්කුක් කියන කොල්ලයි උගෙ ගෝලය වෙච්ච ටේයොන් කියන කොල්ලයිත් ආවා....

Ghost KissWhere stories live. Discover now