Part 16

164 17 28
                                    

Author POV

කරදිය සුළඟ ගතට මෙන්ම හිතට ද ගෙන එන්නේ සැහැල්ලුවකි. මීගමු වෙරළ තීරයට  අඩුවක් නැතිව ලැබෙන කාෂ්ටක අව් රශ්මියේ සැර බාල කිරිමට මෙන් ලුණු මිශ්‍ර නැවුම් මුහුදු සුළං රැළි එක පිට එක ගොඩ බිමට ගලා එන්නේය.

මීගමුව ධීවර ගම්මානයට යාබදව ඇති වෙරළ තීරයේ බල ඔරු ගාල් කර ඇති නිදහස් තැනක සැප පහසු ලෙස වාඩි ගත් මනමේන්ද්‍ර අගිස්සට මදක් එහායින් දැවී නතර වී තිබූ ගංජා සුරුට්ටුව පසෙකට විසි කලාය. මොහොතකට පෙර ලැබුනු ආරංචිය නිසා මනමේන්ද්‍ර සිටියේ සතුටිනි. ගිනි ගහන මද්දහන කියා වෙනසක් නොමැතිව ඔහේ හැල්මේ ඇවිදිමින් සිටින කොල්ලො කුරුට්ටන් අතර මේ සුරුට්ටුවක් වරදින්නේ නැත. කොහෙන් හෝ ලැබෙන ත්‍රෛලෝක විජය පත්‍ර වලින් කොටසක් සව් කඩදාසියක පිළිවෙලකට අතුරා බීඩියකට වඩා ටිකක් දිග වැඩියෙන් ඔතා ගන්නා උන් කොහේ හෝ අහු මුල්ලකට වී පෙනහළු පුරවා ගන්නේය. ශ්වසන මාර්ගයේ ඇති සියුම් කෙඳි ත්‍රෛලෝක විජය පත්‍ර දුමින් පිළිස්සී යද්දි උන් මීගමු වෙරළ තීරයේ සිට සඳ මතට නොමිලේ ටිකට් ලබා ගන්නේය.

මනමේන්ද්‍ර ද ඉන් එක් අයෙකි. දස වසරක් පුරාවට වැදි බන්ධනාගාර උෂ්ණය පහව යන්නටත් පෙර ඔහු තම සුපුරුදු ජීවිකාවට අවතීර්ණ වෙමින් සිටියාය. ස්ථිර රැකියාවක් නොමැති මනමේන්ද්‍රට ආදායම් මාර්ගයේ නම් ඒ හැටි ප්‍රශ්නයක් නොවීය.

මනමේන්ද්‍ර බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන විට ඔහු පිළිගැනීම සඳහා මල් පොකුරු හෝ උණුසුම් වැළඳ ගැනීම් කිසිවක් නොවීය. ඔහුට සිටියේ තම තනියට තමා පමණි. ඔහුට නිදහස ලැබන්නේ විශේෂ සමාවක් ද සහිතවය. බන්ධනාගාරය තුල පෙන්වූ අනුකම්පා සහගත හැසිරීම නිසා ඔහුට මෙම සමාව ලැබී තිබුනි.

ස්නේහයේ සෙවනැලිWhere stories live. Discover now