දෙගිඩියාවෙන් හිත හිත මං සාහි අයියගේ කාමරේට ළඟට ගියා... දොර ලොක් කරල නැති නිසා හෙමීට දොර තල්ලු කලේ සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න... ඔක්කොටම කලින් දොරෙන් ඇතුලට මං හොම්බ දාල බැලුවේ තත්වය සාමකාමී ද කියල... මට පුදුමයි. මොකද සාමකාමී වෙන්නත් තත්වයක් ඇතුලෙ නෑ.... ඇත්තටම සාහි අයිය රූම් එකේ නෑ...!!
මේ මනුස්සයා කොහේ ගියාද...
එක අතකට ඒකත් හොඳයි... දැන් තියන වාර්තාවනය එක්ක මට සාහි අයියගේ මූණ බලන්න කිසිම ඌමනාවක් නෑ... නෑ නෑ... මං කිව්වෙ මූණ බලන්න ඌමනාවක් නෑම නෙමෙයි ඉතින්.... මූණට මුණ ගැහෙන්න නම් ඇත්තටම බෑ වගේ....
ඉතින් සාහි අයියා කාමරේ නැති එකට හදවතින්ම දෙවියන්ට ස්තූති කරන ගමන් මං ෂේප් එකේ කාමරේ ඇතුලට අඩිය තිබ්බා. මොකක් හරි විශේෂ දුම් සුවඳකින් පෙනහළු දෙකම නෑවිලා ගියා වගේ උනා. හරියට නිකම් පැරලල් යූනිවර්ස් එකකට යන දොරකින් ඇතුල් උනා වගේ හැඟීමක් මට දැනුනේ. ඒ ආපු සුවඳත් එක්ක ඇස් දෙක පිය උනා. මොකක්ද යකෝ මේ එන සුවඳ..... මෙතන ඔක්සිජන් නෙමේද තියෙන්නේ... වෙන මොකක් හරි වායුවක් ද?
මුළු හිතම එක පාරටම කාම් උනා වගේ. අතේ තියන ට්‍රේ එක දැනෙන්නේ නැති තරමට ඒ සුවඳට කාම් වෙනවා. වට් ඊස්ට් ද සීක්‍රට් බිහයින් දිස් රූම්....
මං හෙමීට ඇස් ඇරියා. ඇත්ත තමයි... මං මේ ඇවිත් තියෙන්නේ වෙනමම ලෝකෙට කියල මට හිතුනේ... යකෝ මේක කාමරයක් ද නැත්තම්...!!
ඒක වචන වලින් කියනව නම් මෙහෙමයි.... ඇත්තටම මං හිතන්නේ මං දැකපු පිළිවෙලම කාමරේ මේක වෙන්න ඕන... හරියටම එක පින්සල් පාරක් වත්, එක තීන්ත බින්දුවක් වත් එහා මෙහා යන්නෙ නැතුව ඇඳපු චිත්‍රයක් වගේ.... ඇඳේ ෂීට් වල එක රැල්ලක් පේන්න නෑ.... අඩුගානේ වියලට හේත්තු කරල තියන කොට්ටයක් වත් ඇද නෑ... පොත් රාක්කේ... මේසේ... ඒ හැම එකක්ම එක නූලට පිළිවෙලකට.... බුදු අම්මේ.... බාගෙට ඇරපු ජනෙල් තිර අස්සෙන් යාන්තමට වැටිච්ච අවු රැල්ලක් නිසා කාමරේ තවත් වෙනස් විදියකට දැනෙනවා. එතන තියෙන්නේ කාම් ගතියක් කියලම කියන්න බැහැ... ඒක මහ අමුතු හැඟීමක්... හැබැයි කොහෙන් හරි එන සුවඳක් නිසා මුළු හිතම නිවෙනවා වගේ. හරියට පන්සලකට ආව වගේ හැඟීමක් මට දැනෙන්නේ.... යකෝ සාහි අයියා මාර මනුස්සයෙක් නේ.... මෙහෙම පිළිවෙලට ජීවත් වෙන මනුස්සයෙක් මං ජීවිතේට දැකල නැතුව ඇති...
YOU ARE READING
ස්නේහයේ සෙවනැලි
Fiksi Umum- වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්රේමය යනු පරිත්යාගයකි... -