ඒ ආමන්ත්රනය මට තාම නුහුරුයි... මිහිරු මහත්තයා කියනවටවත් මං ආස නෑ. මේ යකා දැන් මට සුදු බේබි මහත්තයලු.
මං පිටිපස්ස හැරිල බැලුවා. පුරුදු විදියටම කටෙන් එකක් හිනා වෙලා මනමේන්ද්ර... කලබලයෙන් මං ඉන්න පැත්තට දුවන් එනවා.
" සුදු බේබි මහත්තයා ගෙදර යන්නද.... පොඩ්ඩක් ඉන්න මං වාහනේ අරන් එන්නම්..."
මං පුදුම වෙලා වගේ බලා හිටියේ. වාහනේ මොන එකටද...
" අනේ නෑ නෑ... මං බස් එකේ යන්නෙ..." මං ඉතින් හිනා වෙලා කතා කලා. මොන මගුලක් ද මංදා සුදු බේබි මහත්තයා කියද්දි මට ලැජ්ජයි...
" නෑ නෑ ඉන්න... ලොකු නෝනා තමයි කිව්වේ.... සුදු බේබි මහත්තයා ඔතනම ඉන්න... "
" නෑ ඒත්..." මං කියන පරක්කුවට මේ යකා දුවලා ගියා.
මනුව කලින්ම කියල තිබ්බේ මෙයා එක්ක ඇයි හොඳැයියක් තියා ගන්න එපා කියල. දැන් මේක දැන ගත්තොත් ඌ මුලින්ම බනින්නෙ මට..
මනමේන්ද්ර ගිය සැනින් ගේට් එකත් ඇරුනා. ඒ එක්කම වාහනෙත් ඇවිත් මගේ ළඟම නැවැත්තුවා.
" නගින්න සුදු බේබි මහත්තයෝ..."
මං තප්පර දෙක තුනක් කන්ෆියුස් උනා දැන් මොකක්ද කරන්නෙ කියල. යනවද නැත්ද...
" හිතන්න දෙයක් නෑ සුදු බේබි මහත්තයෝ... නගින්න නගින්න... මං පරිස්සමින් ගෙදර ගිහින් දාන්නම්..."
මනමේන්ද්ර කියන්නේ කටපුරා හිනාවේගෙන. ගිහිනුත් බෑ නොයත් බෑ... කිරි හින්ද බොන්නත් බෑ උණු හින්ද විසි කරන්නත් බෑ...
නැ නේ... මාරු උනා නේද...
මං හෙමීට ඇවිත් වාහනේ ඉස්සරහ සීට් එකෙන් නැග්ගේ. පිටි පස්සේ යන්න මේ මනුස්සයා මගෙ ඩ්රයිවර් නෙමේනෙ.... මනමේන්ද්ර හිනා වේගෙනම වාහනේ ඉස්සරහට ගියා.
" සුදු බේබි මහත්තයා අසනීප උනා කියල ආරන්චි උනා.... දැන් අඩුයි ද මහත්තයෝ...."
මනමේන්ද්ර හදන්නේ මාව කතාවට අල්ල ගන්න කියල මට නොතේරුනා නෙමෙයි. ඒත් ඉතින් කතා නොකර ඉන්න මට හේතුවක් නෑනේ...
" ඔව්... දැන් නම් හොඳයි...."
" අපේ ලොකු නෝනා තමයි කිව්වේ..." මනමේන්ද්ර හිනා වේගෙනමයි කතා කරන්නේ...
YOU ARE READING
ස්නේහයේ සෙවනැලි
Fiksi Umum- වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්රේමය යනු පරිත්යාගයකි... -