Author POV :
" නියෝජ්‍යය ඇමතිවරයෙක්... අපේ මේ... අල්ලස් සහ දූෂණ කොමිසමෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව.. බොහොම සුබ ආරංචියක් විදියට කියනව...
- ගම්උදාව ව්‍යාපෘතිය යටතේ තලෙයිමන්නාරම ධීවර ගම්මානයට යටි තල පහසුකම් -
- ජනතා ව්‍යාපෘති දෙසිය පනහක් ඇනහිට තිබියදී මධ්‍යම පළාත් මන්ත්‍රීවරුන් දෙසිය හැට දෙනෙකුට විදේශ චාරිකාවක් -
- පිළියන්දල, මොරගහ හේන ප්‍රදේශයේදී අතුරුදන් වූ දහසය හැවිරිදි කුඩා දැරිය සොයා තවදුරටත් මෙහෙයුම් -
**දැන් සිරස්තල සවිස්තරාත්මකව **
ඒත් සමගම යමක් කුඩු වී ගිය හඬ ඇසුනු අතර ප්රවෘත්ති විකාශනය විසන්ධි වී ගියේය.
" ඕක ගනිං වේසියේ.... උඹේ අම්මට කෙලව ගන්න එපා මට කියල..."
අඟල් සියයක ටීවි තිරය ඉදිරිපිට තිබූ දිගු සෝෆාවේ කෙලවරක සිටි දේවානන්ද යටි ගිරියෙන් කෑ ගැසුවාය. ඔහුගේ ඉනවටා දෑත් පටලගෙන හුන් තරුණිය සෝෆාවෙන් අහකට විසිවී ගියේය.
" තෝ ගොං බැල්ලි. තොට මොන හයියක්ද රිමෝට් එක පොළවෙ ගැහුවේ... "
චටාස්......!!!!
බිම වැටී සිටි ඇය අසලට පැමිනි දේවානන්ද ඇගේ සියුමැලි කම්මුලකට වැරෙන් පහර දුන්නාය.
අදාල වාර්තාවරනයේ නිහඬ බව රැකගෙන සිටි පිරිසට මෙම කෑකෝ ගැහිලි වල අමුත්තක් තිබුනේ නැත. දේවානන්දගේ සුරතලිය වූ විසි හැවිරිදි තරුණිය මීට දින කිහිපයකට පෙර ඔහුගේ ගුටි මුරයක් නිසා හිස පලා ගත්තාය. නමුත් ඇය පසුබට වූයේ හෝ බිය වූවේ නැත. තමාව යටත් කරගෙන සිටින මෙම මිනිසාගේ අඩන්තේට්ටම් නිසා දිනෙන් දින ඉහල යන මානසික පීඩනය ඇය පිට කරමින් සිටින්නේය. මේ මොහොතේ ද ඇය කලේ ඊට සමාන ක්‍රියාවකි.
තරු පහේ හෝටල් කාමරයකට වී රාත්‍රී පුවත් විකාශයට අවධානය දෙමින් සිටි පිරිසට බධා කිරීම සඳහා ඇය දේවානන්ද අත තිබූ රිමෝට් යන්ත්‍රය පොළවේ ගසා ඇත. මෙය දේවානන්දගේ කෝපය දෙගුණ තෙගුණ කලේය. අනෙත් පිරිස ඔවුන් දෙදෙනාගේ රණ්ඩු සරුවල් රස විඳින අතර පිරිසේ ඇතමෙක් දිනපතා සිදුවන මෙම කල කෝලාහලය එපා වී විසන්ධි වී ගිය හිස් තිරය දෙස ඔහේ බලා සිටියාය.
YOU ARE READING
ස්නේහයේ සෙවනැලි
General Fiction- වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රේමය යනු පරිත්‍යාගයකි... -