Part 25

194 18 2
                                    

Author POV :

මනූ සිටියේ තම කොට්ටය හපා ගනිමිනි. රාත්‍රී දොළහ පසු වී තිබුනත් නින්දක් අහලකටවත් එන පාටක් නැත. " දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව" මෙන් දෑස පියා ගත් කල මනූට මැවෙන්නේම මිහිරුගේ රුවය. මිහිරු පමණක් නම් තව කමක් නැත. මනූගේ දෑහැට පේන්න බැරි නෝආ ද මැවෙන නිසා අසරණ මනූගේ සිතට සහනයක් තිබුනේම නැත.

එදින සවස ක්‍රීඩාංගණයේදී දැකීමට සිදුවූ දර්ශනය නිසා මනූගේ තුන් කුළුදුල් සිතට නිවනක් නැත. නමුත් තුන් කුළුඳුල් සිත යනු මේ මොහොතට පමණක් තුන් කුළුඳුල් වූ සිතකි. මිහිරු නොදැන සිටි බොහෝ අංශ වලින් මනූ ප්‍රවීණයෙකුව සිටි නමුත් මේ මොහොතේ පමණක් ඔහුට දැනෙන්නේ තමන් කුළුඳුල් හාදුව වත් නොලැබූ ඒක පාර්ශ්වික පෙම්වතෙකුගේ ස්වරූපයෙනි.

මිහිරු නෝආගේ සිරුරට ඇලී ගැලී සිටි ආකාරයත්, නෝආ මිහිරුගේ අඟලක් නෑර අත් පත් කර ගනිමින් සිටි අකාරයත් මනූගේ මනෝලෝකය අත්පත් කරගෙන තිබුනේය. වඩාත්ම අපහසු කරුණ නම් මනූගේ සිතුවිලි වලට අනුව දුටු දේටත් වඩා වැඩියෙන් චිත්ත රූප මැවීමය.

මේ තරම් කාලයක් තමන් ඉදිරි පිට සිටි මිහිරු ගැන මනූගේ හැඟීම් මොනවගේ තිබුනා දැයි ඔහු කල්පනා කලේය. මනූට අනුව නම් මිහිරුගේ සමාගම අනිවාර්යෙන්ම සාමාන්‍යය මිතුරෙකුට වඩා වෙනස් ය. ඒ දිනවල මිහිරු නිවසේ සිටියද පාසලේ සිටියද තමා අසල සිටියද මනූට ඒ ගැන අමුතුවෙන් සිතා බැලීමට උවමනා නොවීය. ඔහු මොන තූත්තුකුඩියක වැළලී සිටියත් මනූට ඒ ගැන වගේ වගක් නැත. එකල මිහිරුගේ ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් වග විභාගයකින් තොරව ඉදිරිපත් වන්නේ තමන් නිසා ඒ ගැන අමුතුවෙන් සිතන්නට උවමනාවක් නොතිබුනි.

දැන් තත්වය වෙනස්ය. මූදෙනුත් එහා රටකට වී වසර ගණනාවක් සිටි නෝආ නම් අවතාරයක් මිහිරු ත් මනූත් අතරට කඩා පාත් වී ඇත. එම අවතාරයට එහාටම වී සුද්දෙකු සමග නිදිවදින්නට බැරි උනා දැයි කල්පනා කරමින් මනූ ඔහුට සිතින් දෙස් තැබීය. බිලියන ගණනක් වූ ෆේස්බුක් පරිශීලකයන් අතරින් අර වදකාර මිහිරුවා තම අදහස් බෙදා ගැනීම සඳහා නෝආ නම් අවතාරයම තෝරාගෙන ඇත්තේ මොන මගුලටදැයි මනූට වැටහෙන්නේ නැත. එය අහම්බයක් යැයි මනූට නම් සිතෙන්නේම නැත. ගොන් බඳින කනුවක් බව දැන දැනම නෝආ තමන්ගේ කඹ දමන්නට ඇතැයි මනූ තම සිතින් සපථ කොට හමාරය. මිහිරුගේ සිරුර පුරා ඒ වංචාකාරයාගේ දෑත් යන ආකාරය මැවී මැවී පෙනෙද්දී මනූගේ අසරණ සිත සලිත වී යයි. එක අතකට මට මොකදැයි කියා හිත හදාගැනීමට සිතුනද එය තාවකාලික බව මනූ දැන සිටියාය.

ස්නේහයේ සෙවනැලිWhere stories live. Discover now