මනුව ඌ අරගත්තු කින්ඩර් ජෝයි හතරම මගේ බෑග් එකේ ඔබලා. මට දුකයි ද සතුටුයි ද.... මං දන්නෑ....
දැන් ඉතින් ඒ කතා වලින් වැඩක් නෑනේ... උන දේ උනා.... කන්න කැමති කෙනෙක් අතේ කන්න කැමති දෙයක් තියනවා. අතට අහු වෙච්ච ඒක කටට දාගන්න නැතුව ඉන්න එකා බූරුවා නෙමේද පුතේ. මනුව ගැන පස්සේ කල්පනා කරන්න බැරියැයි. මං බෝල ටික අරන් එක එක ගලවන්න ගත්ත. ආ හරි හරි... දැන් කියන්න එපා පෙරේතයා වගේ කන්නැතුව මල්ලිට දීල කාපන් කියල. මෙහෙමයි. මං චූටි මහත්තයට පණ උනත් දෙනවා. හැබැයි කින්ඩර් ජෝයි නම්.....
මං ඔළුව ඉස්සුවේ හතරම කාල තමයි. ඔව්... නැතුව බෑනේ. මේකෙ තියෙන අර වයිට් චොකලට් ෆ්ලේවර් එකයි චොකලට් බෝල දෙකයි කියන්නේ ආගමක්. දැන් කියන්න එපා ඊයා යකෝ ඕයිට වැඩිය හොඳට අර අහවල් චොකලට් එකෙත් තියනවනේ කියල. හරි හරි තියනවා වෙන්නැති. හැබැයි මේක වෙනමම ආතල් එකක්. මොකද මේකෙ තියෙන්නේ බෝල දෙකයි. අර ෆ්ලේවර් එකයි විතරයි. ඊට අමතරව අනිත් පැත්තේ පියනේ තියන පොඩි ටෝයි එක. කින්ඩර් ජෝයි එකේ ආතල් එක තියෙන්නේ අන්න එතන. පොඩි චොකලට් වේලකින් පස්සේ ටෝයි එකක්...
මං හතරේම ටෝයිස් ටික අරන් ඉතුරු වෙලා තිබ්බ ප්ලාස්ටික් හැඳි ටිකයි කවර ටිකයි ඔක්කොම ගෙනාපු උරේටම දාල ගැට ගහල බෑග් එකේම ඔබා ගත්තා. චූටි මහත්තයා දැක්කොත් වනාතයි ඉතින්...
ඒ ටෝයිස් හතරේ තිබ්බේ අමුතුම ආතල් ටිකක්.... චූටි ඌරු පැටියෙක්... කැස්බෑවෙක්... නිල් පාට කාර් එකක්... බිත්තර කට්ටෙන් එලියට එන කුකුල් පැටියෙක්... යකූ මේ ටික මාර ලස්සනයිනේ. මීට කලින් හම්බෙලාම නැති ටෝයිස් ටිකක් මේ...
මං ඔක්කොම එක පෝලිමට තියලා ෆොටෝ එකක් ගත්තා. ඔක්කොම එක වගේ ලස්සනයි. හැබැයි අර කැස්බෑවා තමයි ලස්සනම. ඌ කොළ පාටයි ලා නිල් පාටයි මික්ස් වෙච්ච එකෙක්. ටෝයිස් ටික ලාච්චුවේ තිබ්බ මගේ ස්පෙෂල් කාඩ්බෝඩ් පෙට්ටියට දාල වැහුවේ පරිස්සමට තියා ගන්න ඕන නිසා. ඔය පෙට්ටියේ වැඩි හරියක් තියෙන්නේ මනුව අරන් දීපු කින්ඩර් ජෝයි වලින් එකතු කරගත්ත ටෝයිස් ම තමයි. ඒ අස්සේ හෝර්ලික්ස් වලටත් හම්බුන පොඩි පොඩි ටෝයිස් තිබුනා. හෝර්ලික්ස් ග්‍රෑම් 400 පෙට්ටියට ටිකක් ලොකු ඊස්ටර් එග් එකක් ඇතුලේ දාපු ටෝයි එකක් හම්බුනා නේ. ඒකෙත් තිබ්බේ සුපිරිම ආතල් ඒවා. කොලයක් බලාගෙන කෑලි සෙට් කරන්න තියෙන්නේ. ඒවා නම් මායි චූටි මහත්තයයි දෙන්නම එකතු කලා... නාකි උනත් ඒවට තියන ආසාව නම් නැති වෙන්නෑ....
YOU ARE READING
ස්නේහයේ සෙවනැලි
General Fiction- වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රේමය යනු පරිත්‍යාගයකි... -