මනුවගේ ඇස් වල තියෙන්නේ මොන වගේ හැඟීමක් ද කියල කියන්න මට තේරුනේ නෑ....
එක්කො මූට බීල වැඩි වෙලා ඩෝප්..
" කෝ එහාට වෙයං... බීල බීල මෙතන. මොකෝ උඹට මාව මෙලී අක්ක වගේ පේනවද? කන්න වගේ බලන් ඉන්නේ..."
මං එහෙම අහල මනුවව තල්ලු කරන්න හැදුවට ඌ නෙමේ හෙල්ලෙන්නේ...
" එහාට වෙයන් මනුවෝ..."
මනුව තව තව මාව හිර කරද්දි මං උගේ උරහිසට පාරක් දුන්නේ රිදෙන්න මයි.
" අනේ බං වරෙන්කෝ... තොපි දෙන්න ලව් කරන්න ගත්තද එපාර... "
එලියට ගියපු සහස් කාමරේට කඩාගෙන වදිනකොටම මනුව මාව අතෑරියා.
" මොකක්ද බං කරන්නෙ රෙද්ද... වරෙන් කෝ..."
" හරි හරි එනව බං... යමං ඉතින්...."
" ගෙදර ගිහින් කරගනියව් ඕව.... අපිට පරක්කු වෙනව...."
සහස් ආයේ කෑ ගහද්දි අවධානය වෙනස් කර ගත්ත මනුවා මාවත් ඇදගෙනම එලියට ගියා.
ධනුකයි හසනුයි ඇවිත් තිබ්බේ එකම වාහනේ වෙනකොට අනිත් එවුන් ටික ඇවිත් තිබ්බේ සහස් ගේ වාහනේ. ඒ නිසා සහහ් තෙනුවරවයි නිසල් වයි උගේ එකට නග්ගගද්දි සොත්ති ස්ව කැමැත්තෙන් අපේ වාහනේ රිංග ගත්තා.
" ඇලට් එකක් දාගෙන යන්න ඕන බං..."
භාග්ය මනුවගේ වාහනේට ගොඩ වෙනකොට හසන් හිටියේ ධනුකයාව බලෙන්ම වාහනේට පටවන ගමන්. ධනුකව ඩ්රයිවින් සීට් එකට නොදා පැසෙන්ජර් සීට් එකේ වාඩි කරවන්න හදද්දි ඌ ප්රශ්න අහනවා.
" දැන් කොහෙද යන්නෙ පැටියෝ... කියනවකො අනේ...."
" උඹට ඒකෙන් වැඩක් නෑනේ දන්ඩෝ... අනේ වාතයක් නොවී වාහනේට නැගපන්කෝ...."
" අනේ කියනවකෝ බබා..."
" මේ හසන්... ඔන්න ඕකව දෙකට නමල ඔබා ගනිං බං හුත්ත. ධනුක.... ඔය තොගේ මිනිහ නේද. ඌ අපායට ගියත් හරිනං උඹ යන්න ඕන ප්රශ්න අහන්නෙ නැතුව. ඒකනේ බං ආදරේ කියන්නේ... "
තෙනුවරවයා කෑ ගැහුවේ සහස්ගේ වාහනේ පිටිපස්සේ වාඩි වෙලා ස්ක්රීන් එක ඇරගෙන.
" අනේ තෙනුවරයා පුළුවං නං මේං මේකව ඔබහන්..... රෙද්ද.... "
හසනුත් කෑ ගහ ගහ බලෙන්ම වගේ ධනුකයාව වාහනේට තල්ලු කරල දොර වහල දැම්මා.
YOU ARE READING
ස්නේහයේ සෙවනැලි
General Fiction- වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්රේමය යනු පරිත්යාගයකි... -