එදා දවසම මට මල්ලිගේ එක්සිබිෂන් එකට යවන්න සෝලා සිස්ටම් එක හදන්න උනා. ඌ ගෙදර ආවට පස්සේ ඉස්කෝලෙ පුස්තකාලෙන් හොයාගෙන ආපු සෝල සිස්ටම් එක ගැන තියන පත දිග හෑල්ලක් පාඩම් කරන්න ගත්තෙ හරියට නිකම් නාසා එකට යන්න වගේ. බැරිම තැන මං කරුනු කෙටි කරලා මූට කියන්න පහසු වෙන්න ඒකත් හදල දුන්නා.
ඔයි මෙයි වැඩ අස්සේ මට අද දවසම අපේ සුනඛ සමාජෙ එක්ක ගණුදෙනු කරන්න අමතක වෙලයි තිබ්බේ. වෙනදට ග්‍රවුන්ඩ් එකට එනවද අහල දහ පාරක් කෝල් ගන්න මනුවගෙනුත් අද කිසි සද්දයක් නෑ. රෑ වැඩත් ඉවර වෙලා මං වට්සැප් එක පැත්තෙ ගියේ මැසේජ් එකක් දාලද කියල බලන්න... ම්හ්හ්ම්... ඔන්ලයින් නම් ඇවිත් ගිහින්....
මනුව විතරක් නෙමේ වෙන එකෙක්වත් නෑ. වෙනදට වට්සැප් සුනඛ සමාජේ ගෲපේ මොකක් හරි කුණුහරුපයක් කිය කිය වැළලෙන්න හදන හසන්වත් සොත්තිවත් මොකෙක්වත් නෑ... මුං සේරටම අද හතේ හත වැදිල ද දන්නෑ මට වගේ.
ඒ කිව්වට ඉතින් මටත් අද සෙට් එක එක්ක කතා කරන්න තරම් මූඩ් එකක් නෑ. වෙන හේතුවක් නෙමේ පට්ට මහන්සියි.
ඒ මදිවට මනේ ගෙදර යන්න කලින් මගුලක් කියපු නිසා ඔළුව ත් එක්ක අවුල් වෙලා... මූ මෙච්චර මං ගැන ඇහැ තියන් ඉන්නේ මොන මගුලටද මංදා. මං මොකා එක්ක කොහේ ගියත් ඌට මොකක්ද දන්නෑ තියන අමාරුව. සාහි අයිය ඇයි දන්නෑ මෙච්චර මගේ විස්තර හොයන්නේ. රතු දත්ත පොතේ උඩම හරියේ ඉන්න හිපපොටේමස් කෙනෙක් වගේ පේනවද දන්නෑ මාව.... වඳවෙලා යයිද කියල වෙන්නැති ඇහැ ගහන් ඉන්නේ... ඇයි වදේ....
අනේ ඕන මගුලක්... හොයන්න බැරිනම් හොයාගෙන ලියා ගත්තාවේ... මගෙන් කෑල්ලක් යනව කියලැයි....
හෙට උදේම යන්න ඕන නිසා මල්ලිත් අද කලින්ම කාල බීල කට කපල බුදි. නැන්ද නම් ටීවී බලනවද කොහේද. මම මේසෙ පුටුවට වෙලා ෆෝන් එක ඔබනවා.
ඇත්තටම මනුවටයි මටයි වෙනද වගේ කතා කරන්න බැරි හේතුවක් තියනව.... ඇයි ඉතින් අපි අතරේ හැමදේම හරි නෑනේ තාම. මේ සතියට දෙකට ඌයි මායි අතරේ කොච්චර දේවල් උනාද. සමහර වෙලාවට මරාගත්තෙ නැති ටික විතරයි.
මනුවයි මමයි ජීවිතේට රණ්ඩු වෙලා නැතුව නෙමෙයි. හැබැයි ඒ කිසි රණ්ඩුවක් මෙච්චර දුරදිග ගිහින් නෑ. වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම මගේ වැරදිද කියලත්.... මට කටයි පුකයි පියාගෙන වෙනද වගේ පාඩුවෙ ඉන්න පුළුවන් උනා නම් අද සෙට් එකටම ආතල් එකේ ඉන්නත් තිබ්බා....
YOU ARE READING
ස්නේහයේ සෙවනැලි
General Fiction- වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රේමය යනු පරිත්‍යාගයකි... -