Chapter 1❤️🖤

643 52 37
                                    

"හ්ම්ම්..."

නොදැනිම මට සුසුමක් පිට උනේ දවල් දවසේ මැරිලා මැරිලා ආයෙමත් දැන් රෑ වරුවෙත් වැඩ කරන්න තියෙනවා නේද කියලා මතක් වෙලා...

"යමං බං මොනවද ඔච්චර හිත හිත ඉන්නෙ....? මෙහේ වරෙන්"

"හරි, ඔහොම හිටපන් මං එන්නම්..."

ඒ මට කතා කලේ වැඩ කරන තැන ඉන්න යාලුවෙක්... යාලුවෙක් කිව්වට ඌ තමයි මගේ බොක්කේ ෆිට් එක... කොල්ලා මේ කෑගහන්නේ වැඩ මුරේ බාර ගන්න යුනිෆෝර්ම් එක අඳිනේ නැතුව මනෝ ගහන් ඉන්න මාව මේ ලෝකෙට ගෙන්න ගන්න...එයා කෑගැහුවේ නැත්නම් මම තාමත් මෙතන ඉඳන් මනෝ ගහනවා...

අපිට ඉතින් මනෝ පාරක්වත් නැති උනොත් මේ ජීවිතේ තියන ස්ට්‍රෙස් එක දරා ගන්න බැරුවම මැරිලා යාවි...යන්තම් හරි මේ දුක් කරදර අමතක කරලා පොඩි ආතල් එකක් ගන්න පුලුවන් ඒකෙන් විතරයි.

මේ ජීවිතේ ඔහොම තමයි සගෝ...වැඩ කරනවා කරනවා ඉවරයක් නෑ...මේ සංසාර චක්කරේට අහු වුනා නම් ඉතින් කරත්තෙට බැඳි ගොනා වගේ දිගටම ගමනේ යන්න වෙනවා...මැරෙනකන් කිසි නිදහසක් නෑ...මොන තත්ත්වේ හිටියත් කාටත් ඒ ටික පොදුයි...හැබැයි හැමෝටම ඒක එකම විදියට බලපාන්නෙ නැති එක තමයි මේ ලෝකේ තියන වෙනස...

සමහරු ලොකු ලොකු මන්දිර වල රස කෑම කකා සුර සැප විඳිද්දි තවත් සමහරු යන්තම් වේල පිරිමහ ගන්නත් මුලු දවසම තමන්ගේ උපරිම ශක්තිය වැය කළා...

මේ ලෝකේ එක්කෙනෙක්ට එහෙම සැප දෙන්නයි, අනිත් කෙනාට කන්න අඳින්න ටික නැති වෙන්න තරමට දුක් දෙන්නයි හේතු වෙන්නේ ඉතින් අපි පූරුවේ කල පවු පින්ම තමයි...

සමහරුන්ට සල්ලි තිබුණට ලස්සන රූපයක් නෑ, සමහරුන්ට ලස්සන රූපයක් තිබුණට සල්ලි නෑ...

මමත් ඔය දෙවෙනි වර්ගයට අයිති වෙන ජාතියේ එකෙක්..

මට ලස්සන රූපයක් තියෙනවා. ඒත් සල්ලි කියල සත පහක දෙයක් හරි හමන් විදියට අතේ නෑ...කොටින්ම කිව්වොත් ඉන්න හිටින්න කියලා මගේය කියලා නමට වැටිලා ඉන්න ගේ කෑල්ලක්වත් නැති අසරණයෙක් මම.

මෙච්චරට ම මේ අසරණයා කවුද කියලා බලනවා ඇතිනේ...

මම Wang Yibo. වයස අවුරුදු 25යි. දවල්ට පොඩි ඔෆිස් එකක වැඩ කරනවා. හවස ඉඳන් රෑ වෙනකන් ක්ලබ් එකේ බාර් එකේ බාර් ටෙන්ඩර් විදියට වැඩ කරනවා..

Be mine (Zhanyi ff)Where stories live. Discover now