බල්ලොන්ට ගොදුරක් වෙන්න බලාගෙන හිටපු මට, කිසි වේදනාවක් දැනුනේ නැති නිසා මම තනි ඇහැක් ඇරලා යන්තමට වට පිට සර්ච් පාරක් දාලා බැලුවේ මම ඉන්නේ දිව්‍ය ලෝකෙද කියලා බලන්න...
අනේ මන්දා...
දිව්‍ය ලෝකෙත් මනුස්ස ලෝකේ වගේමද කොහෙද.... වැඩි වෙනසක් නෑ වගේ...
තනි ඇහෙන් පේන ඒවා මදි නිසා මම අනිත් ඇහැත් ශේප් එකේ ඇරලා බැලුවේ දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවක් වත් ඉන්නවද කියලා බලන්න නිකමට ටෝක් කරන්න...
ඒත් බුදු අම්මේ ඇස් දෙක ඇරපු ගමන් දැක්ක දර්ශනෙන් මට ආයෙමත් හුස්ම යන්න වගේ ආවේ මගේ දිහා ඩෙවල් දාන්න වගේ බලාගෙන ඉන්න ඇස් අටක් නිසා....
*************************************
"බුහ්...බුහ්...බුහ්...බුහ්...."
"Shut up guys...."
"..................."
"මොකද මෙතන වෙන්නෙ?"
මා මේ දකින්නේ ස්වප්නයක්දෝ....
මම ඇස් දෙකත් පිහිදාලා බැලුවේ මගේ ඉස්සරහා බල්ලෝ තුන් දෙනත් එක්ක ඉන්න මනුස්සයා දිහා...
ඒ එයා...මීට අවුරුදු එකහමාරකට විතර කලින් මට එක රෑකදි හම්බ වුන එයා...අද එයා මගේ ඉස්සරහා හිටගෙන ඉන්නවා...හැබැයි එදා හිටපු විදියට වඩා සෑහෙන්න වෙනස් විදියකට. මට වැරදිලාවත්ද?
එයා කොහොමද මෙහේ එන්නේ? එයා හිටියේ එහේනේ....අපි දැන් එහේ ඉඳලා ඉන්නේ ලොකු දුරකනේ....
ඒත්, අනේ මට හොඳට මතකයි ඒ මූණ...ඒ මූන කවදාවත්ම මට අමතක වෙන එකක් නෑ...එදා රෑ වගේම එයාවත් මට ජීවිත කාලෙටම අමතක වෙන එකක් නෑ...ඒ ඇස්, ඒ බැල්ම...ඒත් අද නම් තිබුණේ එදා තිබුණ ආදරණීය බැල්ම නෙවෙයි, ඒ වෙනුවට තිබුණේ තරහින් රතු උන කේන්තිකාර ඇස් දෙකක්. ඒත් මේ එයාම තමයි.... අනේ...මට විශ්වාස කරන්නත් බෑ වගේනේ...
නෑ ඒක වෙන්න බෑ...ඒක වෙන්නේ කොහොමද?
එතකොට මේ ඉන්නේ අර මාස්ටරයද?
ඒත් ඒ මාස්ටරයයි මෙයයි අතර තියන සම්බන්ධතාවය මොකද්ද?
මාස්ටර් එනවා කිව්වේ හෙටනේ...එහෙනම් මෙයා කොහොමද මෙතන ඉන්නේ?
YOU ARE READING
Be mine (Zhanyi ff)
Fanfiction🖤 Sinhala story ❤️ You stole my heart my Venus...❤️ You made me crazy.... You're my obsession... I'm so possessive on you... We broke all the boundaries that sweet night... So, there's no turn back for us... Be mine forever.....❤️❤️ Start :-10/06/2...