Chapter 6 🖤❤️

298 41 100
                                    

හෙට කරන්නේ මොනවද කියලා හිතන ගමන් මම බාර් කවුන්ටර් එක පිරිසිදු කරන්න පටන් ගත්තා...දැන් මිනිස්සු මේ හරියේ ටිකක් අඩුයි..

"ෂැම්පේන් එකක්.."

මම මේ ලෝකෙට ආවේ මගේ ලඟින්ම වගේ මට ඇහුණ කටහඬකින්...ඒ කට හඬේ කියා ගන්න තේරෙන්නෙ නැති මොකද්දෝ අමුත්තක් තියෙනවා, ගැඹුරුයි නමුත් හරි ප්‍රියමනාප කට හඬක්......මම බාර් කවුන්ටර් එකට යොමු වෙලා තිබුණ ඇස් දෙක කට හඬ ආව පැත්තට යොමු කලේ ඒ කට හඬේ අයිතිකාරයව බලා ගන්න...

************************************

මගේ දිහා බලාගෙන හිටියේ දිලිසෙන ඇස් දෙකක්..ඒ ඇස් මගේ දිහාම බලාගෙන හිනාවෙනවා...මම කියන්නේ ඒ ඇස් හිනා වෙනවා...ආමන්ඩ් හැඩේට තියෙන ලස්සන දිගටි ඇස් දෙකක්...නියෝන් එලි වලට ඒ ඇස් දෙක ලස්සනට දිලිසෙනවා... තාමත් මගේ දිහාම බලාගෙන ඉන්න ඒ ඇස් දෙක මාව වෙනම ලෝකෙකට ගෙනිහින් මටත් හොරා...

"මට ෂැම්පේන් එකක් දෙන්න පුලුවන්ද?"

"අහ්, හරි සර්..."

මම කතා නැති හින්දද මන්දා ඒ මනුස්සයා මගේ දිහාවට පොඩ්ඩක් නැවිලා බාර් කවුන්ටර් එකට තට්ටුවක් දැම්මා. එතකොට තමයි මම ආයෙමත් පියවි සිහියට ආවේ... ඒ තරු ඇස් මාව අතරමං කරද්දි, මම ඒ තත්පර කීපෙටත් මනෝ ගහන්න අරන් තිබුණා..

එයා බාර් කවුන්ටර් එකට තට්ටු නොකලා නම් මම තාමත් එහෙම්මම එයා දිහා බලාගෙන ඉන්න තිබුණා... මොන වස ලැජ්ජාවක්ද ඒ...

එයාට ඉක්මනට ඕඩර් එක දෙන්න මම කලබල වෙලා තව පොඩ්ඩෙන් කකුල පැටලිලා බෝතල් තියලා තිබ්බ රාක්කෙකුත් පෙල්ලනවා...මට මොනවා වෙලාද මන්දා....

මම එයාගේ ඕඩර් එක හදනකන්, එයා වාඩි වෙලා මම ඒක හදන හැටි දිහා නිහඬවම බලාගෙන හිටියා..මම දැක්කා එයාගේ සම්පූර්ණ අවදානයම යොමු වෙලා තිබුණේ මගේ අත් දෙකට...ඉතින් හොරාවට උනත් මගේ බැල්මවල් එයාගේ රූපේ රස වින්දා....

මම දන්නෙ නෑ..මේ මනුස්සයා දැක්කහම මගේ හිත ටිකක් නොසන්සුන් වගේ කියලා දැනුණා.. සමහර විට මම දැන් ප්‍රශ්න ගොඩක ඉන්න නිසා වෙන්න ඇති...

 සමහර විට මම දැන් ප්‍රශ්න ගොඩක ඉන්න නිසා වෙන්න ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Be mine (Zhanyi ff)Where stories live. Discover now