Chapter 21 🖤❤️

155 33 98
                                    

යකෝ, මේ මාස්ටරයා මේකෙන් මෙච්චර කෑවේ කොහොමද මන්දා. මට නම් කෑලි හත අටක් කනකොටම මත් වෙන්න වගේ..මේකේ පැණි බේරෙනවා සමහර කෑලි වලින්...මරු කෑමක් හැබැයි...

මොකද්ද මේකේ නම කිව්වේ...

බූ...බූ...අයියෝ මතකෙට එන්නේ නෑනේ මගුල...

අහ්, හරි මතක් උනා...බූන්දි...

මම පුලුවන් ටික කාලා ඉතිරු ටික පැකට් එකටම දාලා අරන් තිව්වා...

***********************************

"යීවාන්..."

හපොයි, අන්න මාස්ටරයා ශූර් වෙලා..දැන් ඉතින් ඒපාර මේ හිටපු නැති ටිකට මගේ නම කියන්න බැරි වෙච්ච ටිකේ ඇරියස් අල්ලන්න පටන් ගනීවි...කොයි වෙලේ බැලුවත් ඉතින් කටේ තියෙන්නේ...'යී..වා..න්..'  

අනේව් මට බෑ මේ මිනිහා එක්ක කරන්න...

මොකද මාස්ටරයෝ ගිරිය කඩාගෙන කෑගහන්නේ?

මම කාමරේට යනකොට නාකි මාස්ටරයා සාලුවත් ඉනට පටලවගෙන ඉන්නවා ඇඳ උඩ වාඩි වෙලා..මම ආපු ගමන් මට රැව්වා රැවිල්ලක්...යකෝ...ඕම රවන්න එපා මාස්ටරයෝ..ඔයැයිගේ කට ඇද වෙයි...

ආපු ඒමට මමත් යන්තම් එයාගේ ඉස්සරහා බ්‍රේක ගහ ගත්තේ බොහොම අමාරුවෙන්. 

බලන් ඉන්න හැටි. අම්මෝ...ඇඟේ මයිල් ස්මයිල් වෙනවා අප්පා ඒ බැල්මට...

ඒ මදිවට කිසි ගානක් නෑ මම ඉන්නවා කියලා උඩටත් එකක් නැතුව වතුර බේරි බේරි ඉන්නේ ඔය. නාලා වගේ මාස්ටර්...

"යීවාන්..."

හාරි හාරි...ඔන්න කෑ ගැහුවා...සුපුරුදු තැටිය ප්ලේ උනා...

"මාස්ටර්..."

"මොකද ඔතන නැවතිලා ඉන්නේ? මම නැතිව දවසයි ගෙවුනේ...කරන්න ඕන වැඩ ටිකත් අමතක උනාද?"

"අහ්...ස්..නෑ..මම ..මම කරන්නම් මාස්ටර්..."

එයා මට කරන්න ඕන වැඩ ටික මම අමතක කරලා කියලා කෑගහද්දි තමයි මට මතක් උනේ මම එයාගේ ඇඳුම් සූදානම් කලේ නෑ නේද කියලා...සමාවෙන්න කියන වචනේ කියන්නත් හදලා ආයෙම ගිල ගත්තේ නිකන් හරි ඕක කිව්වොත් මට කන පලා ගන්න වෙන නිසා...එයාට ඔය වචනේ පේන්න බෑනේ වැඩක් කරන්න අතපසු වුන වෙලාවක.

Be mine (Zhanyi ff)Where stories live. Discover now