5 පෙත්ත...

77 10 0
                                    

5 පෙත්ත...

_________________________________________

මගෙ වාගේ දැනුනා...නෙතු වින්ද මොහොතේ....ආ...
භව ගානක් රැදුනා එක හීනයක මා...
පුදුමයි අද ලදුනේ නුබ මාගේ වෙලා..
සතුටින් ඇස් තෙමුනා දුටුවාදෝ මන්දා....
ලග රැදෙමි මා දිවි තුරා...
මම රකිනවා පණ සදා...

මම සින්දුව කියන වෙලාවේ ඉදන් ඒ ඇස් අස්සේ නිදහස හෙවුවා... මල්ලිත් ඒවගේමද මන්ද තිබ්බ දුක නැති කරගන්න මගේ ඇස් එක්කම ඒ ඇස් තියාන් හිටියා...මම අහලා තියනවා, තත්පර 10 එක්කෙනෙක්ගෙ ඇස් දිහා බලාන් හිටියොත් ඒ හිත් ආකර්ෂණය වෙනවා කියලා,මම හිතන්නෙ මම සින්දුව අඩුම විනාඩියක්වත් කීවා... ඒ කියන හැම මොහොතක්ම මම ඒ ඇස්දිහා බලාන් හිටියා...මම දන්නේ නෑ මම ඇයි ඒම බලාන් හිටියේ කියලා....

මම සින්දුව කියලා ඉවර උනාම ගිටාර් එක පැත්තකින් තියල ටග්ගාලා නැගිටලා බැල්කනි එකට ආවා....ඒ එක්කම මල්ලිත් මාත් එක්කම ආවා...

තාම වැස්ස නිසා...බැල්කනි එකට පින්න එනවා....හරි සීතල හුලන් අපිව වැලදගත්තේ...මගේ ඇග එක්ක හිරිකටු එන්නම.....

ඒ වෙද්දි මමයි මල්ලියි විතරක් ඒ බැල්කනි එකේ තනි වුනා...අපිට් බාධා වෙන කිසිම දෙයක් තිබුනේ නෑ...අපේ හුස්ම අපිට ඇහෙනවා...ඒතරමට නිහඩයි.... අඩුම ඔරලෝසු කට්ටක්වත් සද්ද නෑ...වහින වැස්සේ සද්දේ විතරයි.... මට මාර අමුත්තක් දැනුනේ...

මම ආයේ කැසට් එකෙන් සින්දුවක් දැම්මා...ඒ චැනල් එක අපිටම හැදුවා වගේ දාපු ගමන් සින්දුවක් පටන් ගත්තා...

නුපුරුදු ඔබ දුටු පලමු දිනේ...
සුපුරුදු ලෙස පෙනුනා....
කෙදිනක හෝ විඳ පුරුදු ඇති...
සුසුම් සුවද දැනුනා...
දුනුනා...

අසංක ප්‍රියමන්තගෙ කටහඩ නැවතෙනවා  එක්කම අපි දෙන්නත් මේ ලෝකෙට ආවේ....

මට මේම දැනෙන පලවෙනි අවස්ථා මේක...මට ඒත් ඒකෙන් ගැලවෙන්න හිතක් නෑ....

මම එක පාටක උගුර පාදලා අපේ අවදානේ වෙන පැත්තකට හැරෙවුවා....

මමයි මල්ලියි එකටම වෙන පැත්තක් දිහා බලාන් උන්නා...

පැලැස්තරWhere stories live. Discover now