6 පෙත්ත...

54 11 1
                                    

6 පෙත්ත…

_________________________________________

මම ටිකක් ඕම කල්පනා කර කර ඉද්දි මට නින්ද ගිහින්...මට හිතෙන්නේ මම පැය 4 විතර නිදියගෙන...

මට ඒ එක්කම ඇහුනා තාත්තා වාහනේ නවත්තනවා... මම ඒ නිසා පිටි පස්ස දොරෙන් එලියට ආවෙ මට තාම තාත්තට මූන දෙන්න තරම් ශක්තියක් නෑ...ඒනිසා මම එලියට යද්දි වෙලාව 5:30 පහුවෙලා... මම ගියේ අයියගේ ගෙදර ගිහින් සීනුව නාද කරත් එයා ආවේ නෑ...මට පෙන්නේ එයා එලියට ගිහින් කියලා...
මට ආයේ ගෙදරට යන්න බෑ....ඒනිසා මම ගේට්ටුව ලග පඩියෙන් ඉදගත්තා...

පි..පීක්...

මම ගෑසිලා ගියේ ඒ ලොරියක් හෝන් සද්දිට...මටහිතෙන්නේ මම පැය දෙකක් වගේ කාලයක් මෙතන ඉදලා...මොකද මම පාඩම් කරන්න කියලා ගත්තත් මගේ හිත හරියට කලබල කරා....ඒ නිසා මම මෙතනට ආවේ

වැව රවුම රෑට මාර ලස්සනයි....ඒ වගේම මම දැක්කා වැව රවුමේ වටේ තිබ්බ ගස් වල මල් හැලිලා ආයේ වතාවක් මල් පීදෙන්න කාලය කියලා... මට මැවිල පෙනුනේ තව ටික කාලෙකින් මුලු නුවරම රෝස පාර රොබරෝසියා වලින් පිරිල යන විදිහ...ඒ එක්කම මගේ හිතටත් අලුත් බවක් දැනුනේ ඇයි කියලා දන්නේ නෑ...

මම එහෙම්ම බයික් එක අරන් ගෙදර යන්න පිටත් උනා....ඒ යන ගමන් මම සින්දුවක් දාගෙන ගියා...

 

මම ගෙදර ගේට්ටුව ලග නැවැත්තුවා...මට නිකන් එතන කවුරු හරි ඉදලා වගේ දැනුනා...මම ඒක ගනන් ගන්නේ නැතිව ඇතුලට ගියා....

මම ගිහින් ඇග පත හෝදගෙන ආයේ පාඩම් කරන්න කියලා ගත්තා... මට එක පාරට මතක් උනේ නංගිත් කීව එයා ගියාම මගේ තනියට පුංචි පූස් පැටියෙක් ගෙන්න කියලා...ඇත්තටම ඒක හොදයි...මොකද මම පාඩම් කරද්දි ඒකා මට හොද උපකාරයක්ද වෙනවා....

අද මට ජිම් යන්න බැරි උන නිසා මම අපේ උඩ තට්ටුවේ තිබ්බ පොඩි ව්‍යායාම කරන කාමරේට ගිහින් ටිකක් ඇග රත්වෙන්න ව්‍යායාම කරා...

ඒ දැනිච්ච මහන්සියත් එක්ක මට පොල්ලකින් ගැහුව වගේ නින්ද ගියා...

පැලැස්තරWhere stories live. Discover now