8 පෙත්ත...

38 6 0
                                    

පෙත්ත 8...
_________________________________________


මම එහෙම්ම ගෙදර එන්න පිටත් උනේ හයට විතර ගෙදර එන්න පුලුහන් වෙයි කියලා හිතාන්...

මම විනාඩි තිහක් යද්දි ගෙදර ආවා...මම බයික් එක ඇතුලට දාන්න කලින් ගේට්ටුව ඉස්සරහ හොදට බැලුවෙ මල්ලි ඇවිත් නම් අඩි පාරවල් තියෙන නිසා...මට පේන්නේ එයා නෑවිදින් වගේ...හරි අමුතුවට රිදෙන්න ගත්තා...

මම ගෙදර ඇතුලට යනවා එක්කම මිලෝ මගේ ඇගේ එල්ලුනා...මම ටිකක් ඒකව හුරතල් කරලා ඇග සෝදාගන්න ගියා...ඊට පස්සෙ මම ඇදුමක් දාගෙම නෝමල්  එකේ සින්දුවක් දාන්න යද්දි සීනුව නාද උනා...ඉමහත් බලාපොරොත්තු ඇතිව ගේට්ටුව ඇරියා...ඕ මම බලාපොරොත්තු උනා වගේම ඒ ඇවිත් ඉන්නේ මම උදේ ඉදන් හෙව්ව කෙනා...මම හරි ලස්සනට හිනාවෙලා ඇතුලට ගත්තා...

මම මල්ලි ඇතුලට අරන් ඉදගන්න කියලා phone එක අතටගත්තා...

"හෙලෝ.....,ඕ කියන්න...අනේ මම දැන් ආවේ පැටියො...මේ මල්ලි කෙනෙක් ආවා...ඕ කන්න හදාගන්න ඕනේ මැණික...මම ඒනම් ඔයාට පස්සේ කෝල් කරන්නම්...හරී...බයී පරිස්සමින් ඉන්න සුදූ..."

මම කෝල් එක ඉවර වෙද්දි මල්ලි මන් දිහා කන්න වගේ බලාන් උන්නා..

මම මල්ලි ලගින් ඉදගත්තා...

"කෙල්ලද අයියේ...."

"ඕ මල්ලි..."

"මට ඔයා ඒම එකක් කීවේ නෑ නේ"

"ආ...එමද..."

මම දැක්කා මල්ලිගේ ඇස් ඇතුලේ වතුර වගේ කදුලු තිබ්බා...

එක පාරට මල්ලි නැගිටලා යන්න ලැහැස්තිය....

"අයියේ මම ඒනම් යන්නම්..."

"ඇයි මල්ලි දැන්ම..."

"නෑ නිකන්..."

මට මල්ලිගේ මූනෙන් දුක පෙවුනා...

මල්ලි යද්දි මම මල්ලිගේ අත අල්ල ගත්තා....

එයත් වෙනදා වගේ ආපිට හැරුනේ නෑ...

"ඒ...යි...මෝඩයා...."

මම ඒම කියලා බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා..... මට බක බක ගගා හිනා යනවා... එක පාරට මල්ලි මගේ පැත්තට හැරිලා මන් දිහා බලාන් උනා...එයාට හිතාගන්න බෑ මම ඇයි හිනා වෙන්නේ කියලා...

පැලැස්තරWhere stories live. Discover now