" දැන් මේ මහත්තයා මාව ගණන් ගන්නෙවත් නැතුව ආවෙ මට රිද්දන්න වෙන්නැති නේද.. ? "හසරැල්ගෙ ඉස්සරහින් ඉඳගෙන ඇත් දෙකත් බැඳන් නුවේද් අහනකොට හසරැල්ට බුම්මං හිටියා මිසක් ඒකට උත්තර දෙන්නවත් උනන්දු උනේ නෑ..
රමිත් යන්න යද්දි නුවේද්ව ශේප් කරගනින් කියලා හසරැල්ට කියලා ගියාට මොකද නුවේද් ආවට පස්සෙ එයා හිටියෙ අර ඇන්ග්රි බර්ඩ් වර්ශන් එකට ආයෙම මාරු වෙලා..
" දැන් ඔය මූණ එල්ලන් ඉන්නෙ මං ශශීව එක්කන් ආපු හින්දද ආහ්... මං උවමනාවෙන් ඒකිව එක්කන් ආවෙ නෑ බං.. මං එන්න ලෑස්ති වෙද්දි එයා අපේ ගෙදර.. එන්න අහද්දි බෑ කියන්න පුලුවන් ද ඉතින්? "
නුවේද් හේතු කාරණා පැහැදිලි කරද්දි හසරැල් බර හුස්මක් තියලා යන්තම් ඔලුව වැනුවා..
කතාවක් නෑ තාම..
" දැන් තමුසෙ කතා කරන් නැද්ද මාත් එක්ක.. ? "
නුවේද් ආයෙම ඇහුවෙ හසරැල්ගෙ නිහඬකම දරාගන්න බැරිම තැන වෙන්න ඕනෙ..
හෙනම innocent and calm කැරැක්ටර් එකක් වගේ පෙන්නුවට මොකද හසරැල් හිතුවක්කාරයි කියන්න හසරැල් එක්ක ඉඳපු මේ ටික කාලෙට එයා අඳුරගෙන තිබුනෙ..
" එයාටත් ඔයාව දකින් නැතුව එක දවසක්වත් ඉන්න බෑ වගේ නේ.. ? ශුවර්ද එයාට ඔයාව යාලුවෙක් විතරයි කියලා ? "
හසරැල් එහෙම ප්රශ්න කරේ නුවේද්ගෙ දිහාවට ටිකක් නැමිලා.. අර තරහ තාමත් එහෙම්මමයි..
" මොකද්ද දැන් කියන්න හදන්නෙ ? "
" ඒක අමතක කරන්න... යමු ඔයාව හොයයි දැං.. "
හසරැල් නුවේද්ගෙ ප්රශ්නෙ මග ඇරලා නැගිටින්න හැදුවට මේසෙ උඩ තිබ්බ හසරැල්ගෙ අතක් නුවේද්ගෙ අතකට තදින් හිර වුනා..
" ඔහොම ඉන්නව.. මං තාම කතා කරල ඉවර නෑ.. තමුසෙ මාව තරහ ගස්සනව දිනේත්ර.. මොකද්ද වෙලා තියෙන්නෙ.. ? "
" ඔයාට ඇත්තටම තේරෙන් නැද්ද ? නැත්තම්.. එක්කෝ ඒක පැත්තකට දාමුකො.. තේරෙන් නැද්ද මේ තරහ ඇයි කියලා.. දවස් කීයකට පස්සෙද ඔයාව මේ දකින්නෙ ? ඒ වෙලාවෙත් ඔයාගෙ ලඟට වෙලා ඉන්න විදියක් නෑ.. අන්න අරයා නිසා.. මං කියන්නෙ මෙහෙම කතා කර කර ඉන්න නෙමෙයි.. කතා කරන්න නම් ෆෝන් එකෙනුත් පුලුවන් නෙ.. මං කියන්නෙ physical interactions.. මට ඒව ඕනෙ.. ඔයාව අල්ලන්න , හග් කරන්න , කිස් කරන්න... විනාඩි දහයකට හරි ඔයා ලඟට වෙලා ඔයා එක්ක ඉන්න හිතන එක වැරදිද.. මේ තරහ වැරදිද ? මං දන්නව එයා ආපු එක අහම්බෙන් වෙන්න ඇත්තෙ.. ඔයාට දැන් යන්න වෙන්නෙත් එයා එක්කනෙ.. එතකොට මම ? මට ඔයා එක්ක ඉන්න වෙලාවක් නැද්ද ? මීට වඩා පැහැදිලිව කියන්න මට තේරෙන් නෑ.. "
YOU ARE READING
සුළඟ නුඹ ( Sinhala BL )
Non-Fictionනුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️