එක්වරම දෙව්දාරාගේ කොපුලක් උණුසුම් ව ගියේ ඇයට සිතන්නටවත් වේලාවක් නොතබමිනි.

හුස්මත් හිරකරගෙන විසල් කරගත් දෑසින් දෙව්දාරා බලාන සිටියේ දෙව්දාර් දෙසයි.

ඔහුගේ දෙතොල් තම කොපුලක ගැටුන බව ඇයට සිතාගත නොහැකිය.

පපුව අස්සෙන් කුමක්දෝ වේදනාවක් දැනෙද්දී දෙව්දාරා සිටියේ ඒ වේදනාව කුමක්දැයි වටහාගත නොහැකිවයි.

ඒ උණුසුම් මුදු හාදුවෙන් අනතුරුව දෙව්දාරාගේ කොපුල් මතට වැටී තිබුණු හිසකෙස් කන් අගිස්සෙන් රැදවූ දෙව්දාර් ඈ දෙස බලාන උන්නේ සිහින් සිනාවක් ද සමඟිනි. යමෙකුට එය ආදරණීය සිනාවක් යයි සිතුනත්, ඒ සිනාවෙහි නියම හැඟීම තේරුම්ගත හැකිවූයේ දෙව්දාරා හට පමණී. ඔව්, එය ආදරණීය සිනාවක් නොවීය. එය ජයග්‍රාහී සිනාවක් විය. නිසැකයෙන්ම හේමමාලිනි මේ සියල්ල දුටු නිසාවෙන් සිතෙහි උපන් දිනුම නිසාවෙන් දෙව්දාර් මේ සිනහාවනවා ඇත්තේ. දෙව්දාරා හට සිතුනේ එලෙසයි.

“දෙව් අයියේ..,” ඈ ඔහුව ඇමතුවේ සිහින් ස්වරයෙනි. නමුත් ඒ ස්වරය තුළ අමුතුම හිත හූරන වේදනාවක් එකතුව තිබුණි.

“ප්ලීස් ඕක නවත්තන්න. ඔයා හේමාව රිද්දවන්න කියලා මාව ඔහොම අල්ලන එක නවත්තන්න. ඒ හැමදේම බොරුවක් කියලා දැන දැනත්, මට මගේ කඳුළු හංගගෙන ඉන්න පුළුවන් වෙයි කියලා හිතන්නෙපා. ප්ලීස්..”

දෙව්දාරා ඒ වචන ටිකත් අමුණාගත්තේ අමාරුවෙනි. එතරම්ම ඒ දෙතොල් වෙව්ලුවේය. දෙනෙත්වලට එකතුව ඇති කඳුළු බිඳු, දෙනෙත් අලංකරණයට උළා තිබූ මස්කාරා ද දිය කරන් කොපුල් දිගේ පල්ලම් බහිවීයි කියා දෙව්දාරාගේ සිතෙහි පැවතුණේ විසල් බියකි.

“ස්..සොරි..” එපමණක් පැවසූ දෙව්දාර් ඉවත බලාගත්තේය. දෙව්දාරාගේ රතුවුණු වත, ඒ හඬන්නට ආසන්න දෙනෙත් දුටූ විටම ඔහුට දැනුනේ තදබල වේදනාවකි. ඉතිං වේදනාවෙන් සිටිනා ඇයව තමාත් කටුවකින් අනිනවාක් මෙන් වේදනාවට පත් කිරීම නොකළ යුතුයි යන්න ඔහුගේ හදවත හඬගා පැවසුවේය. එනිසයි ඔහු ඇයගෙන් ඉවත්වූයේ.

“මා ප්‍රිය සහෝදරයා… පොඩ්ඩක් ඉවසලා ඉන්න.. තාම හනිමූන් ආවේ නෑ… දැන්ම කොටු කොටු දර්ශන තිරගත කර මේ සියුමැලි සිත් තලන්න එපා..”

Adare da? | ආදරේ ද?Where stories live. Discover now