31

52 10 0
                                    

***පැටලෙයි ද දන්නෑ. හිමින් කියවන්න ඒ නිසා***

"කැපචිනෝ..."

රක්ෂිත් තමාට ඉදිරියෙහි වූ මේසය මතින් කැපචිනෝ කෝප්ප දෙක සහ කේක් කැබලි කීපයක්ම සහිත බන්දේසිය තබද්දී හේමමාලිනි මිමිණුවේ තරමක සතුටකිනි.

"හ්ම්... බොනවනේ?" ඔහු ඇය අසලින්ම අසුන්ගන්නා ගමන් විමසුවේය.

"නැතුව. මේ වෙලාවට perfect!" ඇය එලෙස පවසා සතුටින් කැපචිනෝ කෝප්පය අතට ගත්තාය.

"දැන් බලමු ඔයාගේ කකුල.." එක්වරම හේමමාලිනිගේ දෙපා මතට පහත් වූ රක්ෂිත්, ඇයගේ පෙරදී පෙරළුණු කකුල ගෙන තම දණහිස් මතින් තබාගත්තේ ඇයගේ දිගු ගවුම ද තරමක් උඩට කරමිනි.

"රක්ෂිත්.. මොනාද කරන්නේ... අතාරින්න.. ඔය ජරාව..." හේමමාලිනි තම කකුල ඔහුගෙන් ඇදගන්නට උත්සාහ කළත් ඔහු නෙවෙයි ඉඩ ලබාදුන්නේ.

"විකාර නොකර ඉන්නවා හේමා..." ඔහුගේ රැවුමෙන් ඇය නිහඬ විය. පටි සෙරෙප්පුවෙහි ගාංචු බුරුල් කර ඔහු ඇයගේ අඩි උස සපත්තුව ගලවා දැමුවේය. ඉන්පසුව ඔහුගේ කමිස සාක්කුවෙහි වූ බෙහෙත් ටියුබය අතට ගත් රක්ෂිත් එය ගැල්වීමට පෙර හේමමාලිනිගේ වළලුකර මතින් ඇඟිලි තද කර කිහිප විටක්ම පරීක්ෂා කර බැලුවේය.

හේමමාලිනි හට සියුම් කිතියක් දැනුනද ඇය ඉවසා සිටියේ තම දෙතොල් තදකරගෙන සිනාවද පාලනය කරගෙනය.

"ඌඌඋයි!!! මරන්නද හදන්නේ!!!"

එක්වරම මහා හඬින් ඇය බෙරිහන් දුන්නෙන් රක්ෂිත් සිනාසුනේ ඈ දෙස බලායි. "තැන හොයාගත්තා. ඔහොම ඉන්නවා නටන්නේ නැතුව මේක ගානකම්. එතකොට හෙට උදේට හොඳ වෙලා තියෙයි" ඔහුගේ තරවටු කිරීමට තමා හිස නැවුවේ ඇයිදැයි නොදැන වුවත් හේමමාලිනි කිසිවක් නොපවසාම ඔහුට ඉඩ ලබාදුන්නාය.

"හරි... මටත් කේක් කෑල්ලක් ඉතුරු කරනවා හේමා.. මම අත් හෝදගෙන එන්නම්" රක්ෂිත් එලෙස පවසා අසලම වූ කරාමය අසලට ගිය අතර හේමමාලිනි ඔහුට රැවූයේ අහේතුකවමයි.

‪‧˚₊*̥♡‧˚₊*̥‬‪‧˚₊*̥♡‧˚₊*̥‬‪‧˚₊*̥♡‧˚₊*̥‬‪‧˚₊*̥♡‧˚₊*‧˚₊*̥♡‧˚₊*̥‬‪‧˚₊*̥♡‧˚₊*

"ඔයායි හේමා අක්කායි මුණ ගැහුණේ කොහොමද දෙව් අයියේ?" දෙව්දාරා විමසුවේ මල් කපමින් සිටිනා දෙව්දාර්ගෙනි. ඉතිං දැන් අලුත් මලකි. ඇය පැවසූ ආකාරයට මල් සියය ඉක්මනින්ම කපා අවසන් වේයැයි සිතුවත්, තව තවත් සෑදීමට දේවල් උඩින් පාත් වේ. මේ වනවිට නම් දෙව්දාර් පිරිසිදු වී රාත්‍රී ආහාරත් ගෙන, පෙර දින මෙන්ම දෙව්දාරාටත් කවායි නැවත ඔහුගේ රාජකාරිය පටන්ගත්තේ.

Adare da? | ආදරේ ද?Where stories live. Discover now