රක්ෂිත් මහා හෝටල් පරීශ්‍රයේ බැල්කනිය මත වූ විසිතුරු ගෙවත්ත මතයි සිටියේ. මේ වනවිට උත්සවයේ කටයුතු අතර, සංවිධායකවරයාගේ ප්‍රධාන කතාව වූ බැවින් කිසිවෙකුත් ඒ ආසන්නයේ ගැවසුනේ නැත. ඒ ප්ලැටිනම් ගාලා පැවැත්වූයේ සිව්වන වරට නිසාවෙන් ඔහු සිටියේ ඒ පිළිබඳව ස්තූති කරමිනි. සියලුදෙනාම වූයේ ප්‍රධාන ශාලාව තුළයි. එය අතිශයින්ම රළද පැලැන්තියට පමණක් වෙන්වූ පරිසරයක් බවයි රක්ෂිත් හට සිතුනේ. හේමමාලිනි සමඟ 'ප්ලැටිනම් ගාලා' වෙතට ආ මොහොතේ බොහෝ පුදගලයන් ඇයගෙන් දෙව්දාර් පිළිබඳව විමසූ ප්‍රශ්න ඔහුට මතකය. එමෙන්ම තමන්ට අයිති කුමන ආයතනයක් ද බවට ඔවුන් කුතුහලයෙන් පසුවූවෝය. නමුත් තමා සාමාන්‍යය බේකරිකාරයෙක් බව පැවසීමට අකැමැත්තෙන් වන්නට ඇති හේමමාලිනි එම ප්‍රශ්න මගැරී බව ඔහුට මතකය.
රක්ෂිත් සුසුමක් හෙළූවේය. ඉතිං ඇයට ගැලපෙන්නේ ඔහුවයි.
ඇයගේ සමාජ පන්තියට තමාගේ ගැලපුමක් නොමැත.
සිතට දැනුනේ අමුතුම හැඟීමකි. එනිසායි ඔහු නැවත වතාවක් බර සුසුමක් හෙළූවේ.
සීත සුළඟක් ඔහුගේ කොපුල්වල වැදී හමාගෙන යද්දී, රක්ෂිත් සදලුතලයෙන් පිටත රාත්‍රී අහස දෙස බලාන වුන්නේ තම දෙඅත් කලිසම් සාක්කුවල ඔබාගෙනයි.
නමුත් ඔහුගේ නිසංසල කල්පනාවට බාධාවක් එල්ලවූයේ ඔහුගේ ඉදිරියෙන් සිටගත් ඈ නිසාවෙනි. රක්ෂිත් විසල් කරගත් දෙනෙත්වලින් බලාසිටියේ ඈ දෙසයි. ඉතිං ඈ අද සඳක් මෙන් සුන්දරය.
"රක්ෂිත්...,"
තම යටිතොලත් හපාගෙනම සිහින් වෙව්ලන දෙතොල් අතරින් හේමමාලිනි ඔහුව ඇමතුවාය.
"Rakshith, I Love You!"
එක්වරම හේමමාලිනි එලෙස පැවසුවෙන්, රක්ෂිත් තිගැස්සී ගියේය. විසල් කරගත් දෙනෙත්වලින්ම ඇයට ප්‍රතිචාර දක්වා, යමක් පැවසීමට උත්සාහ දැරුවත්, එක්වරම ඔහුගේ කමිස කොලරයෙන් ඇදගත් හේමමාලිනි, ඒ දෙතොල් තම බාරයට ගත්තේ බලහත්කාරයෙන් ය.
අඩි උස සපත්තු පැළැඳගෙන සිටියත් යාන්තමට තම ඇඟිලිතුඩුවලින් එසවුණු හේමමාලිනි රක්ෂිත්ගේ දෙතොල් සිපගත්තේ, ඒ ගෙලවටා දෑත් බැඳගෙනය.
YOU ARE READING
Adare da? | ආදරේ ද? (Ongoing)
RomanceStart : [2024|06|01] Cover designed by @JINius_MooN