30

105 9 2
                                    

"කවුද ඌ?"

එක්වරම රක්ෂිත් විමසුවේ තියුණු දෑසින් ඇය දෙස බලමිනි.

"ඌ?"

හේමමාලිනි විමසුවේ තරමක කුතුහලයකිනි. ඔහු විමසන්නේ කුමක් පිළිබඳවයි දැයි ඇයට අවබෝධයක් නොවීය.

"දහයයි විස්සයි වෙලාව.. මහ රෑ! තමුසේ ඇවිත් බැහැපු වාහනේ අයිතිකාරයා ගැන ඇහුවේ..." රක්ෂිත්ගේ වදන් තියුණු විය.

"ඒක.. මේ.. එයා මගේ යාළුවෙක්.." හේමමාලිනි පැවසුවේ හදිසියෙනි. ඉතිං ඇයට වුවමනා කළේ මේ වැඩක් නැති කතාව අවසන් කර ඔහු හා මොහොතක් කතා කිරීමටයි.

"හහ්!! ඇයි යාළුවා කවුද කියලා කියන්න බැරි යාළුවෙක් ද? හරිනේ ඉතිං.. මැඩම්ගේ ඒවා ගැන හොයන්න මට අයිතියක් කොහෙන්ද නේද?" රක්ෂිත්ගේ මුවට නැගුනේ සරදම් සිනාවකි. ඒ තමා පිළිබඳවමයි. ඉතිං කොහෙන්ද ඇය ගැන හොයන්නට අයිතියක්.

"රක්ෂිත්... ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ ආහ්? විකාරවෙලාද?" හේමමාලිනිගේ සිතට ද කෝපයක් නැගෙන්නට එතරම් වේලාවක් නොගියේය. රක්ෂිත් ද ඇය දෙස බලා සිටියේ තරමක කෝපයෙනි. ඉතිං ඔහුගේ සිතෙහි තරමක ඊරිසීයාවක් හටගෙන තිබුණේ ඇය එම පුද්ගලයා හා සුහදව සිනාසී කතාබහ කළ ආකාරය දුටු බැවිනි.

"මට නම් මොනා වෙන්නද?" සමච්චල් ලෙස සිනාසෙමින් ඔහු ඇය දෙස රවා බැලුවේන්, හේමමාලිනි ද ඔහු දෙස රවා බැලුවාය. නමුත් ඔහු නැවත වතාවක් රවා බැලුවෙන් මෙතෙක් වේලාවක් ඇවිලුනු හේමමාලිනි බිඳී ගියාය.

"තමුසේ ඕනේ එකක් කරගන්නවා!"

නහයත් උඩට ඇද එලෙස පැවසූ හේමමාලිනි ඔහුට ගස්සාගෙනම මාවතෙහි ඉවතට ඇවිදගෙන ගියේ බිඳුනු සිතිනි. ඉතිං අද දින සිදුවූ සියල්ල ඔහු සමඟ බෙදාගැනීමට සිත්විය. නමුත් ඔහු ත් අද වෙනිදා මෙන් නොව. ඉතිං එරික් විසින් ඇතිකළ අවස්ථාවට කෙතරම් සාර්ථකව ඔහු ඉදිරියේ මුහුණ දුන්නත්, ඒ පීඩනය ඇයගේ සිතෙහි මේ තරම් වේලාවක් හොල්මන් කරන්නට විය.

නමුත් වෙනිදාට කෙතරම් ඉවසීමෙන් කටයුතු පාලනය කරන රක්ෂිත් ද ඇයට අද ආමන්ත්‍රණය කරන්නේ කෝපයෙනි.

"ඒයි...! හේමා....., කොහෙද ඔය යන්නේ? ඔහොම නවතිනවා...!"

රක්ෂිත් ද වේගයෙන් ඇය පසුපසින් ඇවිදගෙන ආවේ කෑ ගසමිනි.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now