"මොකෝ කරන්නේ?"

දෙව්දාර් විමසුවේ තම කුටියෙහි බිම ඉඳගෙන කුටියම යස්ස පිටියක් කරගෙන සිටින දෙව්දාරාගෙනි. ඉතිං පෙරදින අත තුවාල කරගෙන සිටී යුවතිය අපහසුවෙන් කතුරු අල්ලාගෙන, පැන්සල් අල්ලාගෙන බර වැඩකය.

"මල් කපනවා අනේ... ඇස් පේන්නැද්ද දෙව් අයියේ බොරුවට අහන්නේ?" දෙව්දාරා මුවත් උල් කරගෙන විමසුවේ ඔහුට ඔරවමිනි.

"අපෝ... පේනවා පේනවා.. කෝ  දෙනවා කරලා දෙන්න. ඔය ඇඟිල්ල එක්ක කොහොමද කතුර අල්ලන්නේ?" තම බ්ලේසරය ගලවා පුටු ඇන්දක් මතින් එලූ දෙව්දාර් දෙව්දාරා අසලින්ම බිමින් අසුන්ගත්තේ තම සුදු කමිසයේ දිගු කමිස අත් නවමිනි.

"ආ... මෙන්න.. හැබැයි ගානට කපන්න හරිද? ඕවෑයින් සීයක් කපන්න ඕනේ.. ඊටපස්සේ මෙන්න මෙහෙම කරලා හදන්න ඕනේ මලක්. ඔයා කපන්නකෝ... මම එතකොට මල් හදන්නම්.." දෙව්දාරා පණ්ඩිත අයුරින් පැවසුවෙන්, දෙව්දාර්ගේ දෙනෙත් විසල් විය. "මදැයි එකයි කියලා හිතලා උදව් කරන්න ආවා.. සීයක් කපපන්කෝ දැන්" දෙව්දාර් මුව බෙරි කරගෙන ඇයට අනුව කපන්නට ගත්තේය. නමුත් ඔහුට මුව වසාගෙන සිටින්නට සිතෙන්නේම නැත.

"මොකටද දැන් මේ මල් කපන්නේ?"

"ඇයි අනේ.. මතක නැද්ද මම නසරි ටීචර් කෙනෙක් කියන එක"

"ඉතිං තමුසේ නසරි ටීචර් කෙනෙක් කියන එක මතක තිබ්බා කියලා මේ කෙහෙල් මල් කපන්නේ ඇයි කියලා මම දන්නේ කොහොමද?" දෙව්දාර් කෑ ගෑවෙන් දෙව්දාරා ඔහුට රැවූවාය.

"අපෝ.. හරි අප්පා. ඉස්සරහට අපේ කොන්සර්ට් එක එනවානේ. ඉතිං ඒකට ෆොටෝ ෂූට් එකක් කරනවා අපි.." දෙව්දාර්ගේ දෙනෙත් කරකැවුනේ ඉබේටමය.

"මල කෝලම්. නසරි උන්ට මොන ෆොටෝෂූට් ද...?"

"අනේ මේ.. හෙට ෆොටෝග්‍රැෆි අයියා එද්දී ලස්සනට වැඩේ තියෙන්න ඕනේ අඩුපාඩුවක් නොවී. මම විතරයි ඉන්නේත්.. අනික් මිස් ප්‍රෙග්නන්ට් නිසා ලීව් නේ" දෙව්දාර්ගේ දෙනෙත් මෙවර ඇය වෙතට හැරුණේ කල්පනාවෙනි.

"තමුසේ විතරක් තනියම ඉන්න තැනකට මොකටද පිරිමියෙක් එන්නේ?" ඔහු තම රාජකාරිය ද නවතා විමසුවේය.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now