25

107 9 3
                                    

"අයියේ.... මේ ඇඳුම අවුලක් නෑ නේද?" දෙව්දාරා එලෙස විමසුවේ අසු හත්වෙනි වතාවට බව දෙව්දාර් මේ වනවිට ගණනය කර තිබුණි.

"දෙව්.... මොකක්ද ඕකේ තියෙන වැරැද්ද?"

"මේක... අත් කොටයිනේ... එතකොට අමුතුයි වගේ..." දෙව්දාර් තම දෙනෙත් කරකැවූයේ එම වදනටයි. ඇය හැසිරෙන්නේ තමා නිරුවතින් සිටිනවාක් මෙනි. නමුත් සිල්වර් පැහැති සාරියකින් ඉතා අලංකාවර සැරසී සිටින දෙව්දාරාගේ රුව අද දින 'ප්ලැටිනම් ගාලා' හි ප්‍රධානතම මාතෘකාවක් වන බව නම් දෙව්දාර් හට නිසැකය. ඔහු හැඳ සිටියේ කළු පැහැති කුර්තාවක් සහ කලිසමකි. එය අතිශයින්ම මිලාධික වූ රෙද්දකින් නිමවා තිබුණි. එමෙන්ම ඇයගේ සාරියට ගැලපෙන ආකාරයේ සිල්වර් නූලෙන් කරන ලද ගෙත්තමක් ද එහි විය.

"ඕකේ මොන අත් කොටක් ද දෙව්.. තමුසේ බබෙක් වගේනේ හැසිරෙන්නේ" දෙව්දාර් තම රථය අදාල හෝටලය තුළට ඇතුළු කරමින් පැවසුවෙන් දෙව්දාරා බුම්මාගත්තාය.

"මොකද ඉතිං මේ.....? ඕයි... තමුසේ ඔහොම ලස්සනයි. වෙන වෙන විකාර කියවන්නේ නැතුව හිනාවෙලා ඉන්නවා... ඇඳුමේ කිසිම අවුලක් නෑ.. තමුසේ හිතනවා වැඩියි.." දෙව්දාර් අවසන පැවසුවේ දෙව්දාරාගේ හැටි හොඳින්ම දන්නා නිසාවෙනි. ඉතිං ඇය ඇඳුම් පැළඳුම් ආදිය තෝරාගත්තේ අතිශයින්ම සිරුර ආවරණය වන ආකාරයටයි. එනිසාම වන්නට ඇති කෙටි අත් සහිත සාරි හැට්ටයත් ඇයට අතිශය විශාල වශයෙන් නිරාවරණය වීමක් සේ දැනෙන්නේ.   

‪‧˚₊*̥♡‧˚₊*̥‬‪‧˚₊*̥♡‧˚₊*̥‬‪‧˚₊*̥♡‧˚₊*̥‬‪‧˚₊*̥♡‧˚₊*‧˚₊*̥♡‧˚₊*̥‬‪‧˚₊*̥♡‧˚₊*

රක්ෂිත් ඉස්තෝප්පුවට වී කල් මැරුවේ හේමමාලිනිගේ පැමිණීම වෙනුවෙනි. හවස හයාමාර වුවද තවමත් ඇය සූදානම්ව සිටියේ නැත. තද දුඹුරු පැහැති කෝට් සූටයකින් සැරසී සිටී ඔහු සිටියේ තරමක නොසන්සුන් බවකිනි.  ඔහුට මෙම ගමන ගැන දැනෙන්නේම නොසන්සුන් බවකි. එතරම් ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් රැස්වන ස්ථානයට තමා වන් අයෙක් නොගැලපෙන බව නිතර නිතර සිතට දැනෙද්දීත් ඔහු ඊට කැමතිවූයේ ඇයව තනිව යැවිය නොහැකි බැවිනි.

"හැබැයි හේමා.. තව මිනිත්තුවක් හරි පරක්කුවුණොත් නම් මම..." රක්ෂිත් කෝපයෙන් තම දුරකතනයෙන් වේලාවද පිරික්සා නිවස තුළට ගියේය. නමුත් එක්වරම ඔහුගේ දෙනෙත් නතරවූයේ තරප්පු පෙළ බසිමින් සිටී ඇයව දැකයි.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now