ඉස්කෝලෙ ගිහින් ඇවිත් නිදාගත්තම
නැගිට්ටෙ අම්මගෙ
කෑගැහිල්ලට..හරියටම හවස හතරට දිව්වේ
ටීවී එක ගාවට..කොච්චර දේවල් තිබ්බත් හිත
තිබ්බෙම කෑම ලග..කොහොම මොන දේ උනත් උබ
ආසම කලේ ආච්චිගෙ රස කතා වලට..ආසම වැඩේ
ගමේ යාලුවො එක්ක සෙල්ලම් කරන්න..පුංචි වයසෙන්ම යන්න උනේ ටවුමේ ඉස්කෝලෙට..
යන්තන් හය වසරෙ
බර වැඩියි පොත් ගොඩ ඒ පුංචි කෙල්ලටටවුමෙ ඉදලා එද්දි
කලුවර වෙලා හොදටමටීවී එක දැම්මට
අනේ කාටුන් ඉවර වෙලා ඒ වෙනකොට..පිට්ටනියට දිව්වට
යාලුවොත් ගිහිල්ල ගෙවල් වල..වැඩිකල් නොගිහින් තේරුනා
ටවුමේ මිනිස්සු හරි වෙනස් වග..දවාලක මම අම්මට කතා කරේ ගිහින් එන්න ටවුමට..
අම්ම කිව්වෙ නම් තනියෙන් ගිහිල්ල එන්න ටවුම හුරුයිනෙ ඔයාට..
නොකිව්වට අම්මෙ ඔයාට
ටවුමට නෙමෙයි මං හුරු උනේ තනිකමටවර්තමානය සුන්දර උනත්
දැන් නම් ගොඩක් තෙහෙට්ටුයි මට..මේ කාලෙ කොහොම උනත්
මම ආසම ඉස්සරම හිටපු මට..🌸🦋
#zaara