දැක්කා නොයෙක් ජීවිත
ඒවා නම් හිනාව බලෙන්ම ඇඳගත්ත ජීවිතසමහර තැන් වල තිබුණෙම
හිනාව පැලපදියන් වුණු ජීවිත
යාලුවො එක්කහු උන තැන තිබුණෙම
නවතින්නැති හිනාවක් පිරුණු ජීවිතසමහර පාරවල් වල
හිටියා නැතිවුණු හිනාව හොයන ජීවිත
ඒ අස්සෙ හිටියා
හේතු නැතුවත් හිනාවෙන ජීවිත
ලොකු පුටු වල හිටියෙම
උද්දච්ච හිනා පිරුණු ජීවිත
ඒ අස්සෙ හිටියා
පෙම්පාට හිනාවක් ඇඳුණු ජීවිතඔය හැම තැනම හිටියා
හිනාවකට හේතුවක් උන ජීවිත..#zaara