සූරියකාන්ත විතරද?

44 1 0
                                    

ඉරට පෙම් බැන්ඳේ සූරියකාන්ත විතරද?

ඉර යන දෙසටම හැරී හැරී හිටියට
තව හුඟක් හිත් තිබ්බා නිහඬවම ඉරට පෙම් බැන්ඳ
අඩුම නමවත් මතකද
වසර ගණනකින් හමුවුණ ඔබට

කිව්වට කමක් නැද්ද
හිනා වෙනකොට හරි ලස්සනයි ඔය මූණ
පහේදී හිටපු පුංචි කොල්ලට
වඩා පෙනුමයි හැඩි දැඩි වෙච්ච නුඹ

මිතුරෙක් වගත් අමතකයි
ඒ තරමට උද්දච්චද?
ඒත් හිත කියන්නෙම
උඹේ හිනාව ලස්සන වග

ඉස්සර ළඟින් හිටියට
දැන්නම් හුඟක් දුරයි උඹ
හදිසියේ දෑස් දුටුවම
සංයුක්ත ගණිතයත් පැටලෙනවා මට

යන්නෙපා පන්තියේ පිටිපස්සට
හැරිලවත් බලන්නෙ කොහොමද
හිතාගන්නත් බෑ
ඔය ඇස් ඔච්චර ආගන්තුක උනේ කොහොමද?

ඒත් මතක තියාගන්න
සූරියකාන්ත ට දෙවනි නෑ මගේ බලා හිඳීම

❤️🎨
#Zaara

ප.ලි.
ඒත් ඔය රස්තියාදුකාර හදවතට
බ්‍රේක් නැතුවැති මේ හිත ගාව


_ඩේසි_Where stories live. Discover now