ආරංචි උනේ දවසක
නොකියම රටින් ගිහින් වග
කියන්න තිබුණා හුඟක් දේවල් මට
ඉතින් කොහේ කියන්නද?පුංචි වළාකුලක් අත
එව්වොත් පණිවුඩේ හම්බෙයිද?
එක්කො කියන්නම් පුංචි කුරුල්ලෙක්ට
ඇවිත් ඔයාට කියයි නේද?නෑ
කියන්නම් මම හඳට
එයා අනිවාරෙන් කියයි ඔයාටලිව්වොත් හඳේ පැත්තක
මට ඔයාව මතක් වෙන වග
ඔය අහසෙ පෑව්වම
පෙනෙයි නේද ඔයාට?හඳේ මට කියන්න
ඩුබායි අහසෙ පායන්නෙත් ඔයාම නේද?#zaara
🪐🦋ප.ලි
නොකිව්වට කමක් නෑ මට
මේක නොකියම ගිය එයාට