2 වන කොටස.

221 19 30
                                    

"අම්මා..අම්මා..අම්මා..ඇහෙන්නැද්ද දෙයියනේ.."

"මොකද ලොකූ කෑ ගහන්නේ..මං මේ තවම උයනවා.."

"අම්මා ඔයා මගේ මේස් එක දැක්කද අනේ.."

එක කකුලකට විතරක් සපතුවක් දාගෙන මං තනි කකුලෙන් පැන පැන මේස් එක හොයන්න ගත්තා..මං වගේ මේ ගෙදර කවුරුත් නීට් එකට නැහැ නේ..මගේ බඩුත් හැමතැනම..

"අයියෝ ලොකූ මං ඒක උයලා කෑවනේ..දැන් නම් ඒක දිරවලත් ඇති බං.."

ඕකනේ අපේ අම්මා එක්ක බැරි..මේ ගෙදර අය මාව විහිලුවකට අරන් ඉන්නේ දැන් නම්..අවධානේ හොඳටම මදි මේ ගෙදර ලොකු කොල්ලට..

"එතකොට මගේ මේස් එක දැන් ටොයිලට් වල අස්සෙද??..දැක්කේ නැත්නම් එක්කො කියන්න ඕනේ දැක්කේ නැහැ කියලා..අම්මා මං ගැන හොයලා බලනවා හොඳටම අඩුයි හොඳේ.."

"මං ඔය රෙදි අමාරුවෙන් හෝදලා..වේලලා..නවලා කරලා පිළිවෙලකට අල්මාරියේ අතුරලත් උබට ඒක හොයාගන්න බැරිව බොරුවට මට කියවන්නෙපා ලොකූ හොඳේ..ඇත්තමයි මං ඇවිත් හොයලා දුන්නොත් මේ හොඳි හැන්දෙන් උබෙ පස්ස රත්වෙන්න පාරක් දෙනවා හරිද???"

අන්න අන්න පටන් ගත්තා අඩෝ වැඩියාව..ඇයි දෙයියනේ රෙදි හෝදන්නෙ මට මතක ඇති කාලෙක ඉදන් වොශින් මැෂින් එකේ..ඔය වේලලා නවන එකටනේ අම්මා ලොකුවට කියවන්නේ..ඔන්න ඕක ගලේ ගහලා..කුණු අපුල්ලලා අතින් හේදුවනම් අමාරුයි කියන කතාව පිළිගන්න තිබ්බා..

"හරි හරි මැණිකේ..කෑගහන්නෙපා ඔච්චර ප්‍රෙශර් නඟීවි හොඳේ..මං හොයා ගන්නම් ඉතින් හුහ්.."

උදේ පාන්දර අම්මා එක්ක කටගහන් යන එක නුවණට සුදුසු නැහැ..මොකද කිව්වොත් අම්මගේ මූඩ් අප්සට් කලාට පස්සේ මං ස්කෝලේ ගියත් හරියට වැඩක් කරගන්න බැහැ..ඒක මං හොඳට බලලා තියෙන දෙයක්..

මොනා වුණත් අම්මා කියන්නේ පැය විසිහතරෙම පවුල වෙනුවෙන් කැපවෙන කෙනෙක්..

මං අල්මාරියේ යටට අඳින අයිටම්ස් තියෙන කෑල්ලෙ නැමීගෙන මගේ කලු අනික් මේස් එක හෙව්වා..බැලින්නම් ඒ මේස් එක අස්සක තිබ්බා.. පුහ්!! මේක එවෙලේ හම්බුණානම් මං අම්මගෙන් බැනුම් අහගන්නෙත් නැහැ නේ..

උණුහුම [None Ff]Where stories live. Discover now