11 වන කොටස.

140 19 32
                                    

"ළමයි ලියාගන්න මාතෘකාව 'ප්‍රතියෝග චතුරස්‍රය' කියලා.."

මොනා වුණත් මං හෙන ආසාවෙන් ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකක් තමයි ලොජික් කියන්නේ.. හේතු එකක් කියලා නම් නැහැ.. එක හේතුවක් තමා අපේ ආර්ට් එකේ ලොජික් උගන්නන ලියනපතිරණ මිස්, අනිත් එක තමා මං යන ක්ලාස් එකේ එදිරිසිංහ සර්.. ළමයින්ට ඉගෙන ගන්න ආස වෙන විදියට මගේ ගුරුවරු දෙන්නම උගන්නනවා.. 'ක්ලාස් එකේ සර් හොදයි ස්කෝලේ මිස්ට වඩා' වගේ වෙන අය කියෙව්වට මට නම් ඒ තියරිය හරියන්නෑ.. මොකද කියනවනම් ලියනපතිරණ මිස්ගෙන් තරම් ප්‍රශ්න මං ක්ලාස් එකේ සර්ගෙන්වත් අහන්නේ නැහැ.. මිස් නම් මට තව අම්මා කෙනෙක් වගේ.. ආර්ට් එකෙන් මට නම් ළමයින් වෙනුවෙන් කැපවෙන ගුරුවරු විදියට දකින්නේ මගේ ලියනපතිරණ මිසුයි, හෝම්සයන්ස් උගන්නන සඳමාලි මිසුයි විතරයි.. මං හෝම්සයන්ස් කරන්නැති එක හැබැයි වෙනම කතාවක්..

"තර්ක ශාස්ත්‍රයේ ප්‍රතියෝග චතුරස්‍රය හදුන්වා දෙන්නේ ඇරිස්ටෝටල් විසින්.."

අනේ මේ ඇරිස්ටෝටල් නම්.. ලොජික්වල ඉන්නෙම මේ යකානේ..

"ප්‍රතියෝග චතුරස්‍රයේ තියෙන්නෙත් ළමයි තර්ක ශාස්ත්‍රයේ A,E,I,O කියන ප්‍රස්තුතම තමයි.. මෙහෙම කොටුවක් ඇදගෙන, පලවෙනි කොණට A අක්ෂරය, දෙවෙනි කොණට E අක්ෂරය පිළිවෙලින් අනිත් කොන් දෙකට I,O අක්ෂර දෙක දාගන්න ඕනේ.. කොන් දෙක විසර්ගය වෙන්න කොටුව මැදින් කතිරයක් අදින්න ඕනේ.. හරි දැනට මේක ඇදගන්න ළමයි පස්සේ අපි මේ ටික නම් කරලා ගණන් ටික හදාගෙන යමු.. කාටහරි ප්‍රශ්න එහෙම තියෙනවද ?"

ළමයි ඔක්කොම ඔලුව වැනුවා.. මිස් හරිම හිමින් පාඩම කියලා දෙන්නේ.. ක්ලාස් එකේ ලොජික් කරනවා කෙල්ලෝ පහළොවක් කියන්න සතුටුයි කොල්ලෙක්ට ඉන්නේ මං විතරයි.. එහෙමයි කියලා මං නොමඟ ගිහින් නැහැ.. අනික එක කොල්ලෙක් නිසා මිස් වුණත් හැමදේ ගැනම හොයලා බලනවා මගේ.. පුළුවන් නම් මිස් නෝට් එක වුණත් ලියලා දෙයි.. ඒ තරම් අහිංසක, නිහතමානී කෙනෙක් තමා මගේ ලොජික් මිස් කියන්නේ..

"තේනුට මොනාහරි ගැටලුවක් තියෙනවද ?? මේ පාඩම නැතත් කලින් ඒවා වල හරි ?"

මිස් එහෙමයි.. ළමයින්ට කතා කරන්නේ යාලුවෙක් වගේ.. ඒකත් අපිට කතා කරන පෙට් නේම්ස් වලින්මයි..

උණුහුම [None Ff]Where stories live. Discover now