"අනේ බං මෙහෙ වරෙන්කෝ.. අතන ඉන්නේ කෙල්ලෝ දෙන්නයි.. උන්ට උදව්වක් දෙන්න යමන්.."
"ඇයි බං මුන් තවම නැත්තේ.. දැන් වෙලාව කීයද බලහන්කෝ.."
මං පිටිපස්ස හැරිලා ක්ලාස් එකේ බිත්ති ඔරලෝසුවෙන් වෙලාව බැලුවා.. තාම 6.50යි..
"හරි බං තාම හතටවත් නැහැ නේ.. කට්ටිය හත වෙද්දී ඒවි.. එතකන් අපි යමන් අරුන්ට උදව්වක් කරන්න.. මං දැක්කා සමිදියි තරූයි විතරයි හිටියේ බුදු මැදුරේ.."
"අනේ තේනු ඇවිත් අර බුදු මැදුර ඉස්සරහ පොඩ්ඩක් අතුගාන්න උදව් කරන්නකෝ.. මායි සමිදියි විතරයිනේ එතන.. අපිට නැත්නම් පූජාවට තව පරක්කු වේවි.."
අදීපයයි මායි කතා කරන අතරේ තරූ දුවගෙන ඇවිත් කියවන්න ගත්තා..
අද තමා අපේ දානේ දවස.. තාත්තා ඊයේ හවස් වෙද්දිම පලතුරු ගෙනත් දුන්නා.. සුදූව ස්කෝලෙට තාත්තා ඇරලවන්නම් කිව්වා.. මොකද මට උදෙන්ම යන්න ඕනේ කියලා මං කලින් කියලා තිබ්බේ.. ඉතිං අද 6.45 වෙද්දි මං ස්කෝලේ..
"ළමයි කෝ අතන එක දරුවයි ඉන්නේ මල් ආසනේ පිළියෙල කරන්න.. මොනාද කරන්නේ.. එතන ඉක්මනට ගිහින් ලෑස්ති කරන්න.."
හදිස්සියෙන් වගේ ආව අපේ පන්තිභාර මිස් අපිව දැකලා නෝක්කාඩු කියන්න ගත්තා.. මිස් අද සුදු සාරි එකක් ඇදලා ඇවිත් තිබ්බේ.. අපි ගෙනාපු බඩු ටික මිස්ට භාර දුන්නා.. මායි අදීපයයි සපත්තු මේස් ගලවලා දැම්මා.. මං එහෙම්ම අම්මා පාන්දර මට කඩලා දුන්නු කහමල් බෑග් එකත් අරන් බුදු මැදුර පිලියෙල කරන්න ගියා..
"අපි මල් ආසනේ සරසන්නම්.. ඔයාලා දෙන්නා ඉස්සරහ අතුගාලා පිලිවෙලක් කරන්න.."
තරූ එහෙම කියාගෙන.. මගේ අතේ තිබ්බ මල් බෑග් එකත් අරගෙන බුදු මැදුරේ වීදුරු ලොකු දොර ඇරගෙන ඇතුලට ගියා..
මේ බුදු මැදුර ක්ලාස් එකක ප්රමාණයට වගේ ලොකුවට තිබ්බා.. ඇතුල ලොකු කිරිගරුඬ බුදු පිළිම වහන්සේ තැන්පත් කරලා තියෙද්දි.. එතනින් එහාට ලොකු වීදුරු දොරකින් පිළිමය ආවරණය වුණා.. ක්ලාස් එකක ළමයි දාන්න පුළුවන් ප්රමාණයක වපසරියක ඉඩක් හදලා තිබ්බා වඳින්න කරන්න එහෙම.. පඩිපේළි පහක් විතර නැගගෙන තමා බුදු පිළිම වහන්සේ ළඟට එන්න පුළුවන්.. යටම පඩියට පස්සේ සඳකඩ පහණකින් පොළොව ආවරණය වෙලා තිබ්බා..
YOU ARE READING
උණුහුම [None Ff]
Romanceඅනේ බං මට මට මහන්සියි.. මට බැහැ තවත් විදවන්න මේ වන්සයිඩ් ලව් එකක් නිසා!!! තේනුක හිතුවේ එයා ආදරය නිසා විදවනවා කියලා.. ඒත් ඇත්තටම වුණේ ඒකමද ? අපි හොයාගන්න ඕනේ අපි ආදරේ කරන කෙනෙක්ව නෙවෙයි.. අපිට ආදරේ කරන කෙනෙක්ව.. සමහරවිට තේනුක ළඟ මේ වෙනකොටත් එයාට ආදර...