8 වන කොටස.

108 17 4
                                    

උදේ 7 විතර වෙද්දි සුදූව වෑන් එකට දාලා මං මං පාර පනින්න ඉද්දි දැක්කා හෝල්ට් එකේ නවත්තපු කොස්සින්න - කොටුව බස් එකෙන් කොස් ඇටයා බහිනවා.. ඌ තෝන්දු මාන්දු වෙලා වගේ වටපිට බල බල ඉද්දි පාරේ එහා පැත්තේ ඉදිය මාව දැකලා සුහදව හිනා වුණා..

"මං ඒත් බැලුවා මේ උදේ පාන්දර වහින්න යන්නේ මොකද කියලා.."

අහස දිහා බලාගෙන මං කියද්දි ඌත් අහස දිහා බැලුවා..

"ඇයි උබ එහෙම කියන්නේ??"

"නෑ ඉතිං වෙනදට බෙල් කරන්න ඔන්න මෙන්න තියාගෙන ස්කෝලෙට එන එකා අද මෙච්චර කලින් එද්දි එහෙම නොවී පුලුවනෑ.."

"අනේ මේ පලයන් යන්න යුවහස්.. මං කවදත් වෙලාවට වැඩ.."

"හහ්!! වෙලාවට වැඩ.. අනේ මේ වෙලාවට වැඩ නම් වෙනදටත් එන්න එපැයි වේලපහ.."

"වෙලාවට වැඩ කියන්නේ යුවහස් වේලපහ නෙවේනේ.. වෙනදට වුණත් මං බෙල් කරන්න තත්පරයකට හරි කලින් මිස බෙල් කරාට පස්සේ නෙවේනේ ස්කෝලෙට ආවේ.. ඒ කියන්නේ මං වෙලාවට වැඩ කියන එක.."

ඒකත් ඇත්තනේ හැබැයි..

"උබේ තර්ක උබම තියාගනින්.. දැන් උබට ශේප්නේ.. තාමත් බෙහෙත් බොනවද ?? පැල්ලම් නම් ඔක්කොම ගිහින්.."

"ම්හ්.. දැන් නම් හොඳටම හොඳයි.. බෙහෙත් ඩෝස් එකත් ඉවරයිනේ.."

"ම්ම්.."

දැනට නාරද හොස්පිටල් එකේ ඉදන් ඇවිත් හරියටම සතියක් ගිහින්.. ඩොක්ටර් කිව්ව විදියටම බෙඩ් රෙස්ට් කරපු නිසා ගිය සතියම වගේ ස්කෝලෙ නාරද ආවේ නැහැ.. ඒත් ඌ ගෙදර හිටපු ඒ සතියෙම අපේ උන් පුලු පුලුවන් හැම දවසකම එයාව බලන්න ගියා.. එක නොයපු දවසක් නම් ඇත්තෙම නැති තරම්.. ක්ලාස් එකේ උන් නම් ගොඩක් ඌට ක්ලෝස් වුණා..

එදා මං නාරදගේ බෑග් එකෙන් උගේ සබ් වලට තියෙන පොත් තුනම මං අරගත්තා.. නාරදට තිබ්බේ කොල්ලෙක්ගේ අකුරු කියලා කියන්න බැරි සාමාන්‍ය ඒලෙවල් කරන එකෙක්ට වඩා ටිකක් ලොකු අකුරු වර්ගයක්.. තදට පෑනෙන් ලියලා තියෙන අකුරු තමා ඌට තිබ්බේ.. ලස්සනක් එහෙමට නැති ඊටත්  වඩා පොත් වල වැඩ හරිම පිළිවෙලට කරපු අකුරු ජාතියක්.. ඒකට මට තිබ්බේ ඒලෙවල් කරන එකෙක්ගේ වගේ නෙවේ පුරාවිද්‍යාව හදාරන මහාචාර්ය වරයෙකුගේ වගේ කටු සටහන්..  වැල් අකුරු වගේ තිබ්බත් යම්තාක් දුරට කියවගන්න පහසු අකුරු ජාතියක්..

උණුහුම [None Ff]Where stories live. Discover now