"ඉදහිට වැටුණු වැහිකෝඩෙක තෙමීගෙන
කහමල් කිනිති පොළොවට ඇස් අයාගෙන
ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන
දුරුතු සඳ වැටුණි අහසින් කඩාගෙන.."අත්තම්මා නැතිවෙන්න කලින් මට දුන්නු එයාගේ රතුපාට ගැසට් රේඩියෝ එකෙන් ගංඟාදරගේ යශෝදරා සෝන්ග් එක අහගෙන මං කල්පනාවෙ ගිලිලයි හිටියේ... ඒකනම් ඇත්තටම අධි මාත්‍රාවක් !!
ඇත්තටම පොඩි කාලේ ඉදන් මට ලොකු උණක් තියෙනවා පරණ කාලේ ඉදන් යූස් කරපු පරණ ගැසට් රේඩියෝ, ග්‍රැමර් ෆෝන්ස් වගේ නේකවිධ දේවල් එකතු කරන්න.. ගෙදර ස්ට්‍රෝ රූම් එක විදියට හදපු කාමරේ මං පොඩියට ඒ කලෙක්ශන් එකක් හදාගෙන යනවා.. ඒක දැනගෙන තමා අත්තම්මා මට එයා ආසාවෙන් පාවිච්චි කරපු ගැසට් රේඩියෝ එක දුන්නේ.. මට නම් අමුතුම පිස්සුවක් තියෙනවා.. ඒ තමයි රෑට ක්ලාම් සෝන්ග්ස් අහගෙන නිදාගන්න එක.. ඒකත් මේ අත්තම්මගේ ගැසට් රේඩියෝ එකෙන් Tune කරන fm වලින්..
සෝන්ග්ස් ඇහුවත් මං ආසම අර හැංඟිච්ච දෙයක් හොයන්න තියෙන්නේ අන්න ඒ ජාතියේ ඒවා වලට.. ඒ නිසාමයි මං චරිත අත්තලගේට මෙච්චරට ම කැමති.. චරිත විතරක් නෙවේ.. උමා අසේනි , ගංඟාදර ,තරිඳු ධම්සර ඇතුලු හැංඟිච්ච කලාකාරයෝ මං හරියට හොයන කෙනෙක්.. පොඩි කරුණ පවා හොයලා ඒ නිර්මාණේ ආව විදිය හොයාගන්න එක තරම් ඉන්ට්‍රෙස්ට් දෙයක් මගේ ලයිෆ් එකේ තවත් නම් නැතිවැති..
YOU ARE READING
උණුහුම [None Ff]
Romanceඅනේ බං මට මට මහන්සියි.. මට බැහැ තවත් විදවන්න මේ වන්සයිඩ් ලව් එකක් නිසා!!! තේනුක හිතුවේ එයා ආදරය නිසා විදවනවා කියලා.. ඒත් ඇත්තටම වුණේ ඒකමද ? අපි හොයාගන්න ඕනේ අපි ආදරේ කරන කෙනෙක්ව නෙවෙයි.. අපිට ආදරේ කරන කෙනෙක්ව.. සමහරවිට තේනුක ළඟ මේ වෙනකොටත් එයාට ආදර...