"ඉතින් ඔයා මොකද ආරොන්ගෙ බර්ත්ඩේ එකට කරන්න ඉන්නෙ?"
ලිවියා ඇහුවෙ අපෙ ලන්ච් බ්රේක් එක අතරෙ. අපි දෙන්නා යාලු වෙලා මාස ගානක් ගිහින්...එයාගෙ බර්ත්ඩේ එක අද. අපි දෙන්නා එකට සමරන එයාගෙ පළවෙනි බර්ත්ඩේ එක. ඒක කොහොමත් මෙමරබල් වෙන්න එපැයි.
"කොහොමද නිකන්...කාර් එකක් ඇතුළෙ සම්තින් සම්තින් වගේ?"
ඔවෙන් ඇහැකුත් ගහලා කියද්දි මම එයාට පයින් එකක් ඇන්නා. හරි ඉතින් එදා අර කන්දක් මුදුනෙ ලස්සන බලන්න ගිහින් කාර් එක ඇතුළෙ යම්කිසි දෙයක් වුණා තමයි. පළවෙනි පාර ලස්සන රූම් එකක් ඇතුළෙ රෝස මල් පෙති දාපු ඇඳක් උඩම වෙන්න ඕනෙ කියලා එකක් තියනවද...? නෑනෙ හහ්. ඔය ටයිටැනික් එකේ අයියයි අක්කයිත් ඉස් ඉස්සරලම ඕව කරේ කාර් එකක් ඇතුළෙනෙ. ඔය යස අගේට වුණේ. අනික ඉතින් ඊට පස්සෙ හැම පාරම ඕවා වුණේ ආරොන්ගෙ හරි මගෙ හරි සොෆ්ට් බෙඩ්සීට් වල තමා.
දවසක් ක්ලබ් ගිහින් සූර් වැඩිවෙලා ඔය සම්බන්ධව මොකක්හරි මගෙ අතින් කියවිලා තිබ්බා. දැන් ඉතින් LOLS සමාජෙම දන්නවා මගෙයි ආරොන්ගෙයි ෆස්ට් ටයිම් එක වුණේ කාර් එකක් ඇතුළෙ කියලා. තාමත් අර උලමා කින්ඩියට හිනාවෙනවා.
"අනේ පලයන් තනිකඩයා. උබට කාර් නෙවේ මොකක් ඇතුළෙවත් හම්බෙන්නැති එකේ ඉරිසියාව ඔය..."
මම කියද්දි ලිවියගෙ කටිනුත් නෝන්ඩි හිනාවක් පැන්නා. කලින් කට ඇරිලා තිබ්බට මොකද පගයගෙ මූණ නාළු වුණා ඒකට...හොඳ වැඩේ.
"අනේ නටාගනින්. මට මොකද උබ කාර් එකේ නෙවේ මොකේ හැ-"
කුණුහරපයක් කියන්න ගිය ඔවෙන් නවත්තගත්තෙ ලිවියා හිටපු නිසා. අපි එක්ක ඉඳලම හැබැයි එයාටත් ඕවා ගානක් නෑ දැන්.
"ඉතින් ඉතින්...අහපු එකට උත්තරේ දුන්නෑනෙ."
ලිවියා ආයෙම මට තට්ටුවක් දාලා කිව්වා.
"ආ මේ...එහෙම ලොකු දෙයක් නෑ ඉතින්. එයාව ඩේට් එක්කට එක්කන් යනවා ෆේරිලයිට්ස් එකට. අපි දෙන්නා මුලින්ම ඩේට් එක්කට ගියේ එතන සෝ..."
"මේ එතන සිරාවටම ලස්සනයි නේ ලියෝ? ඔයා කියපු නිසාම මමත් ක්රිස් එක්ක ගියා කීප වතාවක්ම..."

BẠN ĐANG ĐỌC
Moonlight 🌘 (මූන්ලයිට්) [COMPLETED]
Fanfiction"ඔයාට බය නැද්ද...?" "මම...ඒ ඇයි?" "මාත් එක්ක ඉන්න, ඒ දේවල් වලට මූණ දෙන්න? ඔයාගෙ ජීවිතේම කණපිට පෙරලෙන්න තරම් දේවල් වෙන එක ගැන..." මම හරි ආදරෙන් ඔයා දිහා බලන් හිටියෙ. ඔයා වචන වලින් කියන්නෙ ඔයාගෙන් ඈත්වෙලා ඉන්න කියන එක වුණාට ඔයාගෙ ඇස්වල ලියවිලා තිබුණ '...