එක පාරටම...ජීවිතේටවත් දැකලා නැති...ඇරපු අතක් නෑර තමන් වගේම කෙනෙක් දැක්කම කෙනෙක්ට මොනවා හිතෙන්න පුලුවන්ද? පුදුමයක්, බයක්, හිතාගන්න බැරි හැඟීම් ගොඩක්?? ඒ මොකක් වුණත් ආරොන් දැන් හිටියෙ ඒ වගේ අවස්ථාවක.
අතට ගත්ත වයින් ග්ලාස් එක අතින් අතෑරෙනවවත් නොදැනුණ ආරොන් තාත්තා දිහා බැලුවෙ ඒ ඇතිවුණ හැඟීමට උත්තර හොයන්න. ඒත්...පුදුමෙකටත් වඩා වෙන හැඟීම් ගොඩක් ලියවුණු තාත්තගෙ ඇස් දෙක දැක්කම ආරොන් ටිකක් පසුබැස්සා.
ඒ කියන්නෙ...තමන්ගෙ එකම පුතා වගේම තව කෙනෙක් තමන් ඉස්සරහට ආපු එක ගැන තාත්තට පුදුමයක් නැද්ද? තාත්තගෙ ඇස් දෙකේ තියන හැඟීම් කියවගන්න ආරොන් උත්සාහ කරා. සතුටක්, දුකක්, ඒත් එක්ක බලාපොරොත්තු පිරුණු හැඟීමක්? මේ හැම එකක්ම ආරොන් තාත්තගෙ ඇස් දෙකේ දැක්කා. ඒ කියන්නෙ මේ වෙන දේ මොකක් වුණත්, තාත්තා ඒ ගැන දැනුවත්ද? ඒකද පුදුමයක්, බයක් ගෑවිලාවත් නැත්තෙ?
කොහොම වුණත්...ආරොන්ට උත්තර ඕනෙ. තමන් එතන ඉන්නවා කියලා ගාණක්වත් නැතුව මූණෙන් මූණ බලාගෙන ඉන්න තාත්තටයි, ඇස් දෙක ගිනිගන්න තරම් කේන්තියකින් බලන් ඉන්න තමන්ගෙ ක්ලෝන් එකටයි බාධා කරන්න ආරොන් හිතුවා.
"ත්-තාත්තෙ..."
අමාරුවෙන් වචන ගලපගත්ත ආරොන් තාත්තට එහා පැත්තෙන් හිටගත්තෙ තමන්ගෙ හිත ඇතුලෙ තියන ප්රශ්න කෝටියෙන් එකකට හරි උත්තර හම්බෙයි කියලා හිතාගෙන.
"තාත්තෙ ක-කවුද මෙහ්? ඔ-ඔයා දන්නවද??"
"ඔහෝ පොඩ්ඩක් ඉන්න...අඩුම මං ගැන එයාට කියලවත් නෑ?? ඔයාලනම් නියමයිනෙ....වාව්!!"
වොරන් සමච්චලේට කිව්වෙ අත් දෙක එකතු කරලා අත්පුඩියකුත් ගහන ගමන්.
"පුතේ මේ අහන්නකො-"
"තාමත් මට පුතේ කියන්න ලැජ්ජ නැද්ද මිනිහො?!?"
සමච්චලේට තිබ්බ හිනාවත් අතුරුදහන් කරගෙන ආපහු ගිනි පුපුරු ගහන ඇස් වලින් වොරන් කෑගහද්දි ආරොන් තවත් ටිකක් තාත්තට කිට්ටු වුණේ එයාව ශීල්ඩ් කරගෙන. කොහොම වුණත්...මෙච්චර වෙලා වුණ කතාබහෙන් මේ තමන් වගේම ඉන්නෙ කවුද කියන එක ආරොන්ට තේරිලා ඉවරයි. දැන් එයාට ඕනෙ මේ දේවල් මේ විදිහට වෙන්න හේතුව දැනගන්න විතරයි.
VOCÊ ESTÁ LENDO
Moonlight 🌘 (මූන්ලයිට්) [COMPLETED]
Fanfic"ඔයාට බය නැද්ද...?" "මම...ඒ ඇයි?" "මාත් එක්ක ඉන්න, ඒ දේවල් වලට මූණ දෙන්න? ඔයාගෙ ජීවිතේම කණපිට පෙරලෙන්න තරම් දේවල් වෙන එක ගැන..." මම හරි ආදරෙන් ඔයා දිහා බලන් හිටියෙ. ඔයා වචන වලින් කියන්නෙ ඔයාගෙන් ඈත්වෙලා ඉන්න කියන එක වුණාට ඔයාගෙ ඇස්වල ලියවිලා තිබුණ '...