"අනේ මාව බය කරන්න එපා බං...මොකද වුණේ කියපන්."
මම වෙව්ලන කටහඬින් කියද්දි ඒ වෙලේ කාමරේට ආපු ආරොනුත් බයවෙලා වගේ මගෙ දිහා බැලුවා.
"ඇයි...?"
මං ගාවින් ඉඳගත්ත ආරොන් තොල් වලින් එහෙම අහද්දි මම ඔලුව වැනුවෙ මුකුත් දන්නෑ කියන්න. මම ආරොන්ටත් ඇහෙන්න ස්පීකර් ඔන් කළා.
"උබ කොහෙද ඉන්නෙ කියපන්කො ඔක්කොටම කලින්."
"මම ආරොන්ගෙ ගෙදර ඉන්නෙ. කියපන්කො මොකද වෙලා තියෙන්නෙ?"
මම තවත් නොසන්සුන්ව අහද්දි ආරොන් මගෙ අතින් තද කරලා අල්ලගත්තා. මොකක්හරි ප්‍රශ්නයක් කියන එක එයාටත් තේරෙන්න ඇති.
"හරි එහෙනම් උබ තනියම නෙවේනෙ...කලබල වෙන්න එපා. ලිවියා...එයා අද උදේ ඇක්සිඩන්ට් වෙලා බං."
ඔවෙන් අන්තිම ටික බිඳුණු කටහඬින් කියද්දි මම එහෙම්ම ෆ්‍රීස් වෙලා වගේ බලාගෙන හිටියා. ලිවියා?? ඊයෙත් හොඳට හිටියනෙ එයා...අපිත් එක්ක හිනාවෙවී හිටපු කෙල්ලට එක පාරට මොකද වුණේ.
"මො- මොකක්ද බං උබ කියන්නෙ? අනෙ-"
මම ශොක් වෙලා අමාරුවෙන් වචන ගලපද්දි ආරොන් මගෙ ළඟටම ඇවිත් සයිඩ් එකෙන් මාව තද කරලා බදාගත්තා. එයත් හිටියෙ ශොක් වෙලා වගේ. ආරොන් ලිවියව මුලින්ම හරියට හම්බුණේ ඊයේ වුණත් ඒ පැය ගාණට ඒ දෙන්නා ගොඩක් ක්ලෝස් වුණා.
"ලිවියා- අද උදේ ටවුන් ගිහින් තිබ්බා බං. පාරෙ යද්දි වේගෙන් ආපු වාහනේකට හැප්පිලා. එයා කෙලින්ම තාප්පෙක ගිහින් වැදිලා තියෙන්නෙ. ඒ කියන්නෙ- ඒ කියන්නෙ එයා තාප්පෙයි වාහනෙයි මැදට හිරවෙලා වගේ. උබ- එන්න පුලුවන්නම් ඉක්මනට හොසිපිට්ල් එකට වරෙන්..."
ඔවෙන් කියන වචන ඔක්කොම මම අහන් හිටියෙ හීනයක් වගේ. මේක වෙන්න බෑනෙ...ඊයෙ කොච්චර හොඳට හිටියද? හැමදාම ලස්සනට හිනාවෙලා කතා කරලා හිටපු කෙල්ල...අවුරුදු ගාණක්ම අපි හතරදෙනා ජීවිතේ බෙදාගත්තෙ එකට. දුක සතුට හැමදේකදිම මට ළඟින් හිටියෙ මුන් තුන්දෙනා විතරයි. එයින් එකෙක්ට මෙච්චර කරදරයක් වෙලා තියෙද්දි මම කොහොමද සිහියෙන්වත් ඉන්නෙ. අනේ ලොකු කරදරයක් නැතුවැති...එයා හොඳින් ඇති. ඒ තප්පර ගාණට ඇස් පියාගෙන මම ප්‍රාර්ථනා කරේ ඒක.
KAMU SEDANG MEMBACA
Moonlight 🌘 (මූන්ලයිට්) [COMPLETED]
Fiksi Penggemar"ඔයාට බය නැද්ද...?" "මම...ඒ ඇයි?" "මාත් එක්ක ඉන්න, ඒ දේවල් වලට මූණ දෙන්න? ඔයාගෙ ජීවිතේම කණපිට පෙරලෙන්න තරම් දේවල් වෙන එක ගැන..." මම හරි ආදරෙන් ඔයා දිහා බලන් හිටියෙ. ඔයා වචන වලින් කියන්නෙ ඔයාගෙන් ඈත්වෙලා ඉන්න කියන එක වුණාට ඔයාගෙ ඇස්වල ලියවිලා තිබුණ '...