Part 14

94 11 18
                                    

මේස පුටු ඔක්කොම පෙරළලා වීදුරු බිඳිලා තැන් තැන් වල පොත් පත් විසිරිලා තිබ්බ සාලෙ දිහා මම බලාගෙන හිටියෙ කිසිම හැඟීමක් නැතුව. මම නැති පැය ගාණට මොකද වුණේ?? කිසිම දෙයක් හිතාගන්න බැරුව හිස් බැල්මෙන් බලන් හිටපු මම එක පාරටම කඳුලු පිහදාගෙන නැගිට්ටෙ මම හොයාගෙන ආපු කෙනාව හොයාගන්න.

තේරුමක් නෑ කියලා දැන දැන වුණත් මම පිස්සුවෙන් වගේ ආරොන්ගෙ නම කිය කිය පහළ තට්ටුවේ හැමතැනම හෙව්වා. ඒත් එයා කොහෙවත් හිටියෙ නෑ. මම පරක්කුයි...මොන දේ වුණත් වෙන්න තිබුණ දේ වෙලා ඉවරයි. එයා හිටියෙ නෑ...

එයා කොහෙවත් හිටපු නැති නිසා මම ආපහු සාලෙට ආවෙ අසිහියෙන් වගේ. එතකොටම...එතකොටම දැක්ක දෙයින් මට දැනුණෙ මගෙ ඇඟේ ඉතුරුවෙලා තිබ්බ පොඩිම පණත් නැතිවුණා වගේ.

"ආරොන්...අනෙ-"

මම බිම ඉඳගත්තෙ සාලෙ මැද විසිරිලා තිබ්බ පොත් උඩ තිබ්බ ලේ පැල්ලම දැකලා. ඒ කියන්නෙ- ආරොන්?? එයා කිව්වනෙ එයාට මුකුත් කරදරයක් වෙන්නෙ නෑ කියලා. එයා රිද්දන්නෙ හදවතට විතරයි කිව්වනෙ. එහෙම තියෙද්දි...

මොකක්ද මෙතන වුණේ?? මම එහෙමම ඉඳගෙන මගෙ කකුල් දෙක බදාගෙන හොඳටම ඇඬුවා. අන්තිමට දකිද්දි ආරොන් අසරණව මගෙ දිහා බලාගෙන හිටපු හැටි, හැමදේම කියන්නම් එක පාරක් එයා කියන දේ අහන්න කියපු හැටි, මම එච්චර තරහවෙලා යද්දිත් වෙනදා වගේම පරිස්සමින් යන්න කියපු හැටි මතක් වෙද්දි මගෙ කඳුලු තව අලුත් වුණා විතරයි.

"අනේ මං ළඟට එන්න ආරොන්...මේක හොඳ විහිලුවක් නෙවෙයි..."

මේ දේ ඇත්තටම වුණා කියලා දැන දැන වුණත් මම මිමිණුවෙ හිතේ තිබ්බ අන්තිම බලාපොරොත්තුවට. මේ දැන් හරි ආරොන් ඇවිත් මේ කිසි දෙයක් නොවුණු ගාණට මාව එයාගෙ අත් දෙක අස්සෙ තුරුල් කරගනී කියන බලාපොරොත්තුවට.

විනාඩි ගාණක්ම අඬලා ආපහු මම හැඩිවුණු
සාලෙ දිහා බලාගෙන ඉද්දි එකපාරට මට දෙයක් මතක් වුණා.

"බබා මං කියන දේ හොඳට අහගන්න හරිද...? කවදාහරි දවසක, මට මොකක්හරි වුණොත්-"

ආරොන් කියන්න ගිය එක සම්පූර්ණ කරන්නත් කලින් මම එක පාරට ඔලුව උස්සලා එයා දිහා බැලුවා.

Moonlight 🌘 (මූන්ලයිට්)  [COMPLETED]Donde viven las historias. Descúbrelo ahora