•පළමු දිගහැරුම•

437 29 45
                                    




අතීතයේ එක් දවසක්.

"දැන් එතකොට කියන්නෙ මේ සේරම බොරුද? ආ! ප්‍රානව් එතකොට මේ සේර~"

"ඔව් යකෝ.. ඔව්.. මොන හු*තක්ද. මම තෝ වගේ එකෙක් නෙමෙයි"

මම බලාගෙන මගේ වචනත් ඒක්ක ඒ හීනි ඇස් ගැස්සෙනවා. එයා බය වෙන්න ඇති.. ඒත් මේක දුර දිග ගියා වැඩී.

"අනික දැනගනින් මගේ නම අග්‍ර. නැතුව ප්‍රානව් නෙමෙයි. ආයේ තෝ මෙහෙම ඇනයක් වෙන්න ආවොත් ඇත්තමයි මට මැරෙනවා පෙන්නෙ නැති වෙයි. පලයන් මෙතනින්! කිව්වම පල!"

ඒ මුණේ තිබ්බේ තරහක්ද එහෙමත් නැත්නම් පසුතැවීමක්ද කියලා මට හිතාගන්න බැරිවුනා. මොකද දැනටමත් ඒ මූණේ හැගීම් වැහෙන්න තරම් කදුළු ඒ ඇස්වලින් පිටාර ගලලා තිබ්බා වගේම ඒ මුළු මුණම ක්‍රිම්සන් පාට වෙලා තිබුනා. මම කියලත් මොනා කරන්නද. මේක නිකන්ම නිකන් ඔට්ටුවක් විතරයි. අනික .. කොහොමත් මම කොල්ලන්ට කැමති එකෙක් නෙමෙයි.

" ඒ අග්‍රයෝ උබ ටිකක් ඕවර් ගියා වගේ නැද්ද? මට ඌ ගිය විදිය ඇල්ලුවෙ නෑ"

අඩිය ඉක්මන් කරමින් යන එයා දිහා බලන් හිටපු මම මේ හැමදේටම මුල් උන මගේ අතිජාත මිත්‍රයා අශේර්ගේ කටහඬින් පියවි සිහියට ආවත් මොකුත් නොකියම එතන තිබ්බ මේසයකින් වාඩිඋනා.

" තොපිලටනෙ නින්ද ගියෙ නැත්තේ. අනික ඉතින් ඌ කොල්ලෙක්නෙ බන්"

"ආ..ආ.. දැන් උබ බබා.. උබ තමා ඌව පෙන්නුවෙත්. අනික සෙට් කරගෙන පෙන්නපන් කිව්වාට කවුද හිතුවෙ මූ මෙච්චර කල් මේක අදී කියලා"

"නවත්තපල්ල තොපි දෙන්නත්. ඔච්චර අමාරුනම් ගිහින් දාගනින්"

ඇත්ත මේක එදා වචනෙන් දෙකෙන් ඉවර වෙන්න තිබ්බ දෙයක්. ඒත් මොකද්දෝ මන්දා හේතුවකට නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ අද පොරවෙන් කපන්න වෙන තත්වෙට ඇවිල්ලා. මෙච්චර වෙලා පුටුවෙ ඉදන් කල්පනා කර කර උන්න මට අශේර්ගෙයි ඉඳුවරගෙයි කතාව හිසරදයක් උනා.

"හැබැයි පුතෝ උබට මේක මෙච්චර අවුල් කරගන්න කලින් හිතන්න තිබ්බා. ආතල් වෙනයි මෙව්වා වෙනයි.. "

"සිරා ඈ.. දැරණියගල වලව්වේ එකම උරුමක්කාරයා මෙහෙම සීන් එහෙකට පැටලිලා කියලා දැනගත්තොත් ඒලෙවල් කෙසේ වෙතත් අපිට තියෙන ලෙවල් එකත් නැති වෙනවා"

අග්‍රධීර {non fic}Where stories live. Discover now