•පස්වන දිගහැරුම•

113 16 53
                                    



වෙලාව දොලහට කාලයි කියලා අතේ බැදන් උන්න ඔරලෝසුවෙන් පෙන්නනකොට ගිනිමද්දහනේ වාහන අස්සෙන් හුළගත් කපාගෙන ආවේ ගිය පාර මේ කෙල්ල ඔය කොල්ලව දණහිස්පොල්කටු ලෙලි යන්න තල්ලු කරලා දැම්ම එක මතක් වෙලා වෙනකොට ඒකත් මේ වගේම මකන ප්‍රශ්නයක් කියලා මතක් උන මට එක කෙල්ලෙක් විතරක් ඉන්න එක ගැන සතුටු හිතුනා එහෙම නැත්තන් මේ වෙනකොට දැරණියගල වලව්වත් විකුණලා මට යන්න වෙලා.

අද මොන කුන්ඩවාලයක් කරන්ද දන්නෙ නෑ... කෙල්ල ලෙඩක් දාගන්න හැමදාකම අශේර්ගේ බයික් එක මගේ හදිස්සියට මාව අදාල තැනට ගේනකොට මගේ කාර් එක අශේර් අතේ පරිස්සමට ගෙදර ගිය දවස් කෙල්ල මොන්ටිසෝරි යන්න ගත්ත දවසෙ ඉදලා අනන්ත අප්‍රමාන උනා.... ඇත්තටම කෙල්ලගෙ උපන් වෙලාවෙ පිරිමි නැකතක් කියලා තිබ්බත් එදා ඒවා විශ්වාස නොකරපු මම දැන් දැන් ඒවා විශ්වාස කරන්න පටන් අරන්. මොකද මේ කෙල්ල කරොත් කරන්නේ වලි දාගන්න එක.

ආපු ඒමට කෙලින්ම මොන්ටිසෝරියේ ගේට්ටුවෙන් බයික් එක දාපු වේගෙට මුළු පළාතක්ම දූවිල්ලෙන් වැහිලා ගියා.

යේ... අප්පච්චි බයික්කේ ඇවිල්ලා.. යේ.......

බයික් එක නවත්තපු මට අශේර් කියල ලොකු සුදුපාට ඉංග්‍රීසි අකුරෙන් ගහපු හෙල්මට් එක මගේ වැලමිටට දාගන්න විතරයි ලැබුනේ ඈතින් මොන්ටිසෝරිය ඇතුලට යන යකඩ ග්‍රිල් ගහපු දොරේ එල්ලිලා වගේ උන්න කෙල්ල කෑගැහුවා.

උදේ හරිම ලස්සනට හුරතලේට ඇදන් ගිය රෝසපාට ගව්මේ පැත්තකම මඩ තලියයි.. අම්මා පිලිවෙලකට පීරලා යවපු කොන්ඩේ එක පැත්තක් පාත් වෙලා අනිත් පැත්ත කපුටු කූඩේ වගේ විසිරිලා ගිහින් තිබුනේ අම්මා මේක දැක්කනම් මොන වගේ මලදානයක් වෙයිද කියලා මට හිතෙනකොට වෙද්දි යකඩ ග්‍රිල් වල එල්ලිලා කෑගගන කෙල්ල ගාවට මම දුවලා වගේ ගියා.

භවිනි බහිනවා ඔතනින්....

අප්පච්චී.. බයික්කේද අද යන්නේ.....

කෙල්ල ඇස් බෝල කරලා හුරතලේට අහනකොට මෙච්ච්ර වෙලා කේන්තියෙන් උන්න මගේ කේන්තිය කොහෙන් ගියාද හොයන්න බැරි උනා.. මේ කෙල්ල මෙහෙමමයි.. හැමදාම වැරදි වැඩ කරලා ඇස් බෝල දෙක පෙන්නලා ශේප් වෙනවා.අම්මා වගේමයි.....

අග්‍රධීර {non fic}Where stories live. Discover now